ශ්‍රී ලංකාව කොවිඩ් සිව්වන රැල්ලේ ආරම්භයට ළඟාවෙමින් සිටින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.
එහි සභාපති විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න මහත්මිය ප්‍රකාශ කළේ, සංචරණ සීමා පනවා තිබුණ ද කොවිඩ් ආසාදිතයන්ගේ සැළකිය යුතු අඩුවීමක් කිසිදු අවස්ථාවක දක්නට නොලැබුණ බවය.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍යවරිය,
“සංචරණ සීමා පැනවීම සිදුවුණේ මැයි 20 වගේ දිනවල. එතකොට අපි බලාපොරොත්තු වුණ විදියට ම පාලනය කළ හැකි ප්‍රමාණයකට රෝගීන් අඩුවීමක් අපිට දක්නට ලැබෙනවා. නමුත් අපි ඔබ සියල්ල දැක්ක හැටියට රෝගීන් ඉතාමත් ලොකු අඩුවීමක් කොයි වෙලාවේවත් සිදුවුණේ නෑ. හිතනවා අපි සංචරණ සීමාවල තිබුණ අඩු ලුහුඩුකම් මේ සියල්ලම හේතු කාරණා වුණා කොපමණ ප්‍රමාණයක් රෝගීන් අඩුවෙනවා ද කියන එකට. නමුත් අපි දැන් කියන්න ඕනේ අපේ රෝහල් පද්ධතිය ගැන අපිට එන කරුණු අනුව යළි රෝහල් පද්ධතිය, 4 වන රැල්ලේ මුල කොටසට ළඟා වෙමින් තියෙනවා කියන එක ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ හැඟීමයි.“














සංචරණ සීමා කියලා දැම්මට ඒවා සංචරණ සීමා නෙමෙයි ලොකු බොරුවක් රටම 1මාසයක් වැහුවනම් අඩු කරගන්න තිබුනා උදා:කොළඹ මාතර යන එන පුද්ගලයන් ( මාතර සිට අළුත්ගම පාළම ලගට බස් එකෙන් එනවා ආයෙ ත්‍රීවීල් එකෙන් අළුත්ගම බස් නැවතුම්පලට එනවා ආයෙ අළුත්ගම සිට කොළඹ එනවා ) කොහෙද සංචරණ සීමා