ශ්‍රි ලංකාවට අත දාන්න හැදු නරේන්ද්‍ර මෝදිගේ කුරුමානම වරදී

භාරතීය ජනතා පක්ෂයට හෝ වෙනත් කිසිදු විදෙස් දේශපාලන පක්ෂයකට මෙරට තුළ ලියාපදිංචිවීමට හෝ මැතිවරණවලට තරග කිරීමේ නෛතික හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා සඳහන් කළා.1981 අංක එක දරණ පාර්ලිමේන්තු පනත මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවද එම හැකියාව අහුරා ඇති බවයි සභාපතිවරයා ප්‍රකාශ කළේ.ශ්‍රී ලංකාව තුළ භාරතීය ජනතා පක්ෂය ස්ථාපිත කිරීමට සැළසුම් කර ඇති බව එහි හිටපු සභාපති මෙන්ම ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා ප්‍රකාශ කර තිබුණා.

ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රධාන පාලක භාරතීය ජනතා පක්ෂය නෙළුම් මල සළකුණ කරගනිමින් ගෝලීය පක්ෂයක් බවට පත්කිරීමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවයි.අමිත් ෂා පාලක භාරතීය ජනතා පක්ෂය තුළ ප්‍රබල භූමිකාවක් නියෝජනය කිරීම හේතුවෙන් ඔහුගේ ප්‍රකාශයට ඉන්දීය මාධ්‍ය පුළුල් ප්‍රචාරයක් ලබාදී තිබුණා.

අමිත් ෂා සිය ප්‍රකාශය මගින් වැඩිදුරටත් පවසා ඇත්තේ ඉන්දියාවේ සියලු ප්‍රාන්තවල බලය අත්පත් කරගැනීමෙන් පසුව මෙලෙස අසල්වැසි ශ්‍රී ලංකාවේ සහ නේපාලයේද සිය පක්ෂය නිර්මාණය කරන බවයි.භාරතීය ජනතා පක්ෂයේ හිටපු ප්‍රධානියාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් එරට ප්‍රධාන විපක්ෂය වන ඉන්දීය කොංග්‍රසය දැඩි විරෝධය පළ කළා.එම පක්ෂය පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාව හෝ නේපාලය වැනි ස්වෛරී රටවල පාලන තන්ත්‍රයන්ට බලපෑම් කිරීමට පාලක භාරතිය ජනතා පක්ෂයට කිසිදු අයිතියක් නොමැති බවයි.ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රධාන එරට පාලක භාරතීය ජනතා පක්ෂය සැළකෙන්නේ ලොව විශාලතම දේශපාලන පක්ෂය ලෙසටයි.

මිලියන 180 කට වැඩි සාමාජිකයන් පිරිසක් හිමි භාරතීය ජනතා පක්ෂයේ 2018 – 2019 වර්ෂය සඳහා කළ විගණනයේදී පක්ෂයේ වාර්ෂික සමස්ත ආදායම ඉන්දීය රුපියල් කෝටි 2410 ක් ඉක්මවා ඇති බව වාර්තා කර තිබෙනවා.මූල්‍යමය අතින්ද ශක්තිමත් දකුණු ආසියාවේ බලවත්ම රාජ්‍යය පාලනය කරන දේශපාලන පක්ෂයකට අසල්වැසි රාජ්‍යයක් සඳහා එල්ල කළ හැකි බලපෑම්ද සුළු කොට තැකීමේ හැකියාවක් නැහැ.කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ අයිතීන් සුරැකීමට ඉන්දීය රජය නිරන්තරයෙන් කැපවන බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළා. ඒ චෙන්නායි හි ඊයේ පැවති ජන හමුවක් අමතමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09