Empty Ad
AFC Banner
Empty Ad

ශ්‍රී ලාංකික තරුණයන් සදහා දකුණු කොරියා‍වේ වැඩි රැකියා අවස්ථා

දකුණු කොරියාවේ රැකියා අවස්ථා වැඩි වශයෙන් ශ්‍රී ලාංකික තරුණයන්ට ලබා දීමට අපේක්ෂා කරන බව ප්‍රකට දකුණු කොරියානු සමාගමක් වන ‘හුන්ඩායි’ (Hyundai) සමාගමේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා හමුවෙමින් ප්‍රකාශ කර තිබෙනවා.

දකුණු කොරියානු රැකියා සදහා ශ්‍රී ලාංකික තරුණයන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ, ඊට අදාළ පුහුණුව ඇතුළු කටයුතු සොයා බැලීමට, මෙරටට පැමිණි හුන්ඩායි නැවි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී (CEO) කිම් බොයොන්ග් බෝ (Kim Byong Boo) මහතා ඇතුළු නියෝජිත පිරිසක් නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී හමුවූ අවස්ථාවේදී යි මේ බව සදහන් කර ඇත්තේ.

මෙරට තරුණයන් ඉහළ නිපුණත්වයකින් යුතු බවත්, පුහුණුව ලැබූ ශ්‍රී ලාංකේය තරුණයන් වැඩි වශයෙන් එරට රැකියා සදහා ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බවත් මෙම නියෝජිත පිරිස ප්‍රකාශ කර තිබෙනවා.

විශේෂයෙන් මෙම ශ්‍රමිකයන් යහපත් ගුණාංගයන්ගෙන් හෙබි විනයගරුක තරුණයන් වීම වැදගත් බවයි ඔවුන් අවධාරණය කර ඇත්තේ.

රජය මැදිහත් වී නිසි වෘත්තීය පුහුණුවක් මෙරට තුළදී ලබා දීමත් ප්‍රමාදයකින් තොරව හැකිතාක් කඩිනමින් පුහුණු ශ්‍රමිකයන් දකුණු කොරියාවට යොමු කිරීමේ අවශ්‍යතාවත් ඔවුන් පෙන්වා දෙනු ලැබුවා.

එසේම මෙරට ශ්‍රමිකයන්ගේ පහසුකම් සහ ආරක්ෂාව උපරිම වශයෙන් ලබා දෙන බවට ද සහතික වී තිබෙනවා.

මේ අනුව නෞකා ඉදිකිරීම් හා අලුත්වැඩියාව, විදුලි කාර්මික, වෑල්ඩින් ආදී ක්ෂේත්‍රවල පුහුණු ශ්‍රමිකයන් සදහා ඉහළ ඉල්ලුමක් පවතින බවත් ඔවුන්ට ඉහළ වැටුප් හිමිවන බව ද නියෝජිත පිරිස මෙහිදී කරුණු දක්වනු ලැබුවා.

මෙහිදී අදහස් දක්වමින් නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා ඉල්ලීමක් කර සිටියේ පුහුණු ශ්‍රමිකයන් සදහා මෙරට අංගසම්පූර්ණ පුහුණු මධ්‍යස්ථානයක් ඉදි කිරී‍ම සදහා අනුග්‍රහයක් ලබා දෙන ලෙසයි.

වෘත්තීය නිපුණත්වයට අමතරව මේ හරහා කොරියානු භාෂාව, සංස්කෘතිය යනාදිය පිළිබදව අවබෝධයක්ද ලබා දීමට අපේක්ෂා කරන බව ද ඒ මහතා සඳහන් කළා.

ඒ සදහා කැමැත්ත පළ කළ නියෝජිත පිරිස පෙන්වා දුන්නේ මෙරට දක්ෂ තරුණයන්ට තවදුරටත් දකුණු කොරියාවේ රැකියා අවස්ථා වැඩි වශයෙන් ලබා දීමට අපේක්ෂා කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
226
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
BREAKING NEWS 🔴
01:30
Video thumbnail
පුටුව ලකුණ ආණ්ඩුවට රිදෙන්න දීපු හැටි
05:57
Video thumbnail
මෛත්‍රීපාල සිරිසේනගේ සායම යවපු මහ ලේකම්
04:51
Video thumbnail
මාලිමා ආණ්ඩුව නිල නිවාස වහලා දාලා - ඒ නිල නිවාස ඔක්කොම වේයෝ කාලා
07:25
Video thumbnail
PRAHARAYA | පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් ලසන්ත අලගියවන්න සහභාගිවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:28:02
Video thumbnail
මන්ත්‍රීගේ බස් එක පාරේ යකා නටද්දී පොලිස් නිලධාරිණිය ඩ්‍රයිවර්ගේ කට වැහෙන්න කියපු සුපිරි කතාව
03:56
Video thumbnail
චාමරව හිරේ දැම්මේ බදුල්ලේ සමන්තද ? පක්ෂයේ ප්‍රබලයෝ කියපු කතාව
07:05
Video thumbnail
06 වෙනිදා වෙද්දී අන්වීක්ෂයක් හොයාගන්න - නියෝජ්‍ය ඇමති කියපු සැර කතා ටික
12:50
Video thumbnail
හිස් පුටු ගොඩකට අමතපු සජිත් ප්‍රේමදාස
06:57
Video thumbnail
නාමල් ආණ්ඩුවට සීරුවෙන් ඉඳගෙන අමතයි - කෑ ගහන අයව හිරේ දාන්න නම් දන්නවා
03:28

?