ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා වලට අවශ්‍ය ඉන්ධන ඉන්දියාවෙන් ලබා ගැනීම නිසා මසකට ඇමෙරිකානු ඩොලර් මිලියන හතක අමතර පාඩුව විදීමට සිදුව ඇති බව වාර්තා වනවා.
තෙල් සංස්ථාව ගුවන්යානා ඉන්ධන ලබා නොදීම හේතුවෙන් මෙලෙස පාඩු ලබයි. ඉන්ධන මිල දී ගැනීම ඉන්දියාවට යාමට ඒමට යන වියදම හා ඉන්ධන, ගුවන් යානාවල ක්ෂය වීම සඳහා මෙම පාඩුව සිදුවන බව ගණන් බලා ඇත.
තෙල් ලබා ගැනීම සඳහා ගුවන් යානා විසිපහක් තිහක් අතර ප්‍රමාණයක් මසකට ඉන්දියාවට යන බව සඳහන් වේ. මේ පියාසර කිරීම අතිරේක ගමනක් වන අතර ගුවන් යානාවල ක්ෂය වීම දීර්ඝ කාලීනව බලපාන බවද ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රකාශකයෙක් කීය.දිනකට ගුවන්යානා ඉන්ධන ලීටර් ලක්ෂ පහමාරක් පමණ ප්‍රමාණයක් අවශ්‍ය වේ.













