ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ‘Open Day’ වැඩසටහන ඇරඹෙයි

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය මගින් පවත්වනු ලබන ‘Open Day’ (විවෘත දිනය) වැඩසටහන අප්‍රේල් 4 සහ 5 යන දෙදින පුරා පෙ.ව. 9.00 සිට ප.ව. 6. 00 දක්වා නාවල පිහිටි ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ප්‍රධාන මධ්‍යස්ථානයේදී පැවැත්වෙනවා.

උසස් අධ්‍යාපනය ලැබීමට අපේක්ෂා කරන සිසු සිසුවියන්, ඔවුන්ගේ දෙමාපියන් ඇතුළු ඕනෑම අයෙකුට මේ සඳහා සහභාගි විය හැකි බවයි වාර්තා වන්නේ.

මෙම වැඩසටහන පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් පසුගියදා (25) ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ දී පැවති අතර එහිදී ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පී. එම්. සී. තිලකරත්න මහතා අවුරුදු 16ට වැඩි අධ්‍යාපනය හැදෑරීමට කැමති ම්නෑම අයෙකුට ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන අවස්ථා හිමි වන බව ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාවේ ජාතික විශ්වවිද්‍යාල 17 අතරින් විවෘත හා දුරස්ථ අධ්‍යාපන ක්‍රමය යටතේ ක්‍රියාත්මක වන ලංකාවේ එකම ජාතික විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයයි.

මෙය පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් විශ්වවිද්‍යාලයක්.

මෙහි සියලු පාඨමාලා අභ්‍යන්තර පාඨමාලා ලෙස පැවැත්වෙන අතර, සියලු පාඨමාලා ජාත්‍යන්තර මට්ටමින් පිළිගැනෙනවා.

මෙම පාඨමාලා හැදෑරීමට නිරතුරුව විශ්වවිද්‍යාලයට පැමිණීම අත්‍යවශ්‍ය නොවන අතර, රැකියාවක නිරත වන අතරතුර පවා අධ්‍යාපනය ලැබීමේ හැකියාව පවතිනවා.

අධ්‍යයන කටයුතු සඳහා අවශ්‍ය සියලු ඉගෙනුම් ආධාරක මුද්‍රිත ප්‍රකාශන ලෙසින් හා අධ්‍යයන කළමනාකරණ ක්‍රමවේදය ඔස්සේ සිසුන්ට ලබා ගත හැකි වනු ඇති.

මේ වන විට විවෘත විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන, ස්වාභාවික විද්‍යා, සෞඛ්‍ය විද්‍යා, ඉංජිනේරු තාක්ෂණ, කළමනාකරණ අධ්‍යයන සහ මානව හා සමාජවිද්‍යා යන පීඨ 6 මගින් සහතික පත්‍ර, ඩිප්ලෝමා, ප්‍රථම උපාධි හා පශ්චාත් උපාධි යන මට්ටම්වලට අදාළ පාඨමාලා පැවැත්වෙනවා.

කෙටි කාලීන පාඨමාලා රැසක් ද විශ්වවිද්‍යාලය මගින් පවත්වා ගෙන යනු ලබන අතර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි දරුවන්ට උසස් පෙළ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට පෙර එම පාඨමාලා සම්පූර්ණ කිරීමට ද හැකියාව පවතිනවා.

නූතන ලෝකයට ගැළපෙන දැනුම හා කුසලතා සපිරි විද්‍යාර්ථීන් බිහි කිරීමේ අරමුණින් මෙම සියලු පාඨමාලා සකස් කර තිබෙනවා.

මේ පිළිබඳව තව දුරටත් අදහස් දැක්වූ උපකුලපතිතුමා ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ප්‍රාදේශීය මධ්‍යස්ථාන 9ක් හා අධ්‍යයන මධ්‍යස්ථාන 19ක් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල පිහිටුවා ඇති බැවින් කොළඹ ප්‍රධාන මධ්‍යස්ථානයට නොපැමිණ, තම ආසන්නතම මධ්‍යස්ථානයෙන් අධ්‍යාපන කටයුතු හැදෑරීමට හැකි බවයි.

පෞද්ගලික විශ්වවිද්‍යාලවලට සාපේක්ෂව ඉතා අවම මුදලක් වැය කර මෙහි පාඨමාලා හැදෑරීමට අවස්ථාව හිමි වනවා.

මෙම පාඨමාලා පිළිබඳ සහ සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා විශ්වවිද්‍යාලය මගින් සපයනු ලබන පහසුකම් පිළිබඳ දැන ගැනීමටත්, විෂයයන්ට අදාළ ආචාර්ය-මහාචාර්යවරුන් හමු වී වෘත්තීය මාර්ගෝපදේශන ඇතුළු අවශ්‍ය උපදෙස් ලබා ගැනීමටත් Open Day වැඩසටහනේ දී හැකියාව ලැබෙනු ඇති.

එබැවින් විවෘත විශ්වවිද්‍යාලයේ Open Day (විවෘත දිනය) හා සම්බන්ධ වෙමින් ඔබගේ අනාගත අධ්‍යාපන සිහින සැබෑ කර ගැනීමට උපකුලපතිතුමා ඔබ සැමට ඇරයුම් කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි
01:07
Video thumbnail
සුනු විසුණු වෙච්ච රටක් නැවත පණ ලබනවා - වැටුප මදි අපිට දෙන්න වෙන්නේ භාණ්ඩාගාරයේ තියෙන ප්‍රමාණයට
07:41
Video thumbnail
පරණ සමාජය ආයේ මේ රටට එන්න දෙන්නේ නෑ - ඇමති සමන්තගෙන් දැඩි ප්‍රකාශයක්
06:16
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි - බිරිඳ දැඩි අසනීපයෙන් සිටින නිසා ම#ලා
01:33
Video thumbnail
පානදුරදී පැහැරගත් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා සොහොනක් අසළින් හමුවෙයි
01:22
Video thumbnail
බිස්කට් සහ චොකලට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් ගුවන්තොටුපොළේදී අල්ලයි
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31