ශ්‍රී ලංකා – වියට්නාම පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති පත් කෙරේ

ශ්‍රී ලංකා – වියට්නාම පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට අමාත්‍ය (වෛද්‍ය) දම්මික පටබැඳි මහතා තේරී පත් වුණා.

පෙරේදා (11) දින ශ්‍රී ලංකා – වියට්නාම පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය නැවත ස්ථාපිත කිරීම සඳහා වන රැස්වීම කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පැවැත්වූ අතර එහිදියි මෙම පත්වීම සිදු කෙරුණේ.

ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනි ට්‍රින් ති ටම් (Trinh Thi Tam) මහත්මිය මෙම අවස්ථාවට ගෞරවනීය ආරාධිතයා ලෙස සහභාගී වුණා.

මේ අතර ශ්‍රී ලංකා – වියට්නාම පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ ලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ හසාරා ලියනගේ මහත්මිය තේරී පත් වුණා.

රැස්වීම අමතමින් කතානායකවරයා, ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ද්විපාර්ශ්වික සබඳතා 1970 වසරේ ආරම්භ වී පසුගිය වසර 55 තුළ ක්‍රමයෙන් වර්ධනය වී ඇති බව පෙන්වා දුන්නා.

වෙළඳාම, ආයෝජන, කෘෂිකර්මාන්තය, සංචාරක ව්‍යාපාරය සහ අධ්‍යාපනය ඇතුළු විවිධ අංශ හරහා දෙරට අතර සහයෝගය වර්ධනය වී ඇති බව ද මෙහිදී ප්‍රකාශ කළා.

වෙළඳාම සහ ආයෝජන අංශවල කලාපය තුළ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන වියට්නාමය සමඟ ආර්ථික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව කතානායකවරයා විසින් අවධාරණය කරන ලද අතර එරට ජාතික සභාවේ උප සභාපති නුයෙන් ඩක් හායි (Nguyen Duc Hai) මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු වියට්නාමයේ පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් 2025 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ද කතානායකවරයා මෙහිදී සඳහන් කළා.

දූත පිරිස ගෞරවයෙන් පිළිගනිමින් ඵලදායී සාකච්ඡාවල නිරතවීමට අපේක්ෂා කරන බවත් කතානායකවරයා පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?