වරලත් ජනමාධ්‍ය වෘත්තීයවේදීන් බිහිකිරීමේ සහ මෙරට මාධ්‍ය සමාජයේ ගුණාත්මකභාවය සහ ප්‍රමිතිය ඉහළ නැංවීම උදෙසා නිපුණතාවෙන් යුත් පිරිපුන් විද්වත් මාධ්‍ය වෘත්තීයවේදීන් පිරිසක් බිහි කිරීමේ අරමුණින් අදාළ අධ්‍යයනයන් සිදු කිරීමට අවශ්‍ය පුහුණු ආයතනයක අවශ්‍යතාව සපුරාලීම සඳහා ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබුවා.
ඒ අනුව, එම ආයතනය පාර්ලිමේන්තුවේ සම්මත පනතක් මගින් සංස්ථාපනය කිරීමට හැකි වන පරිදි පනත් කෙටුම්පතක් සකස් කිරීම පිණිස 2022‑08‑15 දිනැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දී තිබෙන බවයි කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අනාවරණය කෙරුණේ.
එකී පනත් කෙටුම්පත සකස් කිරීමේ කාර්යය නිම කිරීම සඳහා වත්මන් අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.