ජාතික ඉන්ධන බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියා පටිපාටිය සම්බන්ධයෙන් ප්‍රචාරය වන ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රක්ෂණ සංගමය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව එම සමාගම පෙන්වා දෙන්නේ, අදාළ පුවත් සාවද්‍ය ප්‍රවෘත්තියක් බවයි.
ඔවුන් පවසන්නේ ජාතික ඉන්ධන බලපත්‍ර ක්‍රියා පටිපාටිය සම්බන්ධයෙන් රක්ෂණ ක්ෂේත්‍රයේ කිසිදු ආයතනයක් විරෝධය පළකර නොමැති බවය.ඉන්ධන බලපත්‍රය භාවිත කිරීමත් සමඟ අදාළ ඉන්ධන පිරවුම්හල්වල රක්ෂණය අවලංගුවන බවට සඳහන් පුවත් කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීමත් සමඟ ශ්‍රී ලංකා රක්ෂණ සංගමය විසින් මෙම පැහැදිළි කිරීම සිදුකර තිබේ.
එම සංගමය නිකුත් කළ නිවේදනය පහතින්,
ජාතික ඉන්ධන බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියා පටිපාටිය සම්බන්ධයෙන් ප්‍රචාරය වන සාවද්‍ය ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රක්ෂණ සංගමය ( IASL ) සිය ස්ථාවරය පැහැදිලි කිරීමට අපේක්ෂා කරනු ලබයි . ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ සියළුම ආයතන නියෝජනය කරනු ලබන ආයතනය ලෙස ශ්‍රී ලංකා රක්ෂණ සංගමය ( IASL ) එම තොරතුරු වල නිරවද්‍යතාවයක් නොමැති බව තහවුරු කරන අතර ජාතික ඉන්ධන බලපත්‍ර ක්‍රියා පටිපාටිය සම්බන්ධයෙන් රක්ෂණ ක්ෂේත්‍රයේ කිසිදු ආයතනයක් විරෝධය පළකර නොමැති බවත් , මෙම ඉන්ධන බලපත්‍රය හේතුවෙන් රක්ෂණය අවලංගු වීමක් සිදු නොවන බවත් තහවුරු කරයි .




