ශ්‍රී ලංකා යොවුන් රග්බි කණ්ඩායම ආසියානු සත් සාමාජික අවසන් මහා තරගයට

වයස අවුරුදු 20න් පහළ ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් මහා තරගයට අපරාජිතව සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (10) සමත් වුණා.

ඒ අද උදෑසන පැවති අවසන් පූර්ව වටයෙන් චීනය ලකුණු 26-17ක් ලෙස පරාජය කරමින්.

මේ අතර ශ්‍රී ලංකාව සමඟ අවසන් මහා තරගය සඳහා සුදුකම් ලබාගැනීමට හොංකොං කණ්ඩායම සමත්ව වුණා.

ඒ, අද පෙරවරුවේ පැවති තරගය මැලේසියානු කණ්ඩායම ලකුණු 33ට 05ක් ලෙස පරාජය කරමින්.

ශ්‍රී ලංකාව සහ හොංකොං කණ්ඩායම අතර පවැත්වෙන අවසන් මහා තරගය අද (10) පස්වරු 5.30ට ආරම්භවීමට නියමිතයි.

මෙවර අවුරුදු 20න් පහළ ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය පැවැත්වෙන්නේ ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ දීයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?