AFC Banner
AFC Banner
Empty Ad

ශ්‍රී ලංකා – පිලිපීන දිගුකාලීන මිත්‍රත්වය ඉදිරියට ගෙනයාමට කටයුතු කරන බව ජනපති කියයි

ආසියානු කලාපීය සහයෝගීතාව වර්ධනය කර ගනිමින් ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය ඉදිරියට ගෙනයාමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ, පිලිපීන ජනාධිපති ෆර්ඩිනෑන්ඩ් ආර්. මාකෝස් අද (29) පෙරවරුවේ හමුවූ අවස්ථාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

පිලිපීනය සහ ශ්‍රි ලංකාව අතර අතීතයේ සිට පවතින ද්විපාර්ශ්වික සබඳතා නව ප්‍රවේශයන් ඔස්සේ තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ මෙම හමුවේ දී වැඩි අවධානයක් යොමුව තිබෙනවා.

පිලිපීන ජනාධිපති මන්දිරය වන මලකනැංග් මන්දිරයේ දී මෙම රාජ්‍ය නායකයින්ගේ හමුව සිදු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?