ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජිත පිරිසක් ඉන්දියාවේ සංචාරයක

නියෝජ්‍ය කථානායක (වෛද්‍ය) රිස්වි සාලි මහතාගේ නායකත්වයෙන් යුත් මෙරට පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් මැයි 25 සිට 31 දක්වා ඉන්දියාවේ
පැවති ධාරිතා සංවර්ධන වැඩසටහනකට සහභාගී වුණා.

පාර්ලිමේන්තු සන්නිවේදන පියස නිවේදනය කළේ, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා විසින් කරන ලද ආරාධනයකට
අනුව, මෙම වැඩසටහන ලෝක් සභා ලේකම් කාර්යාලයේ පාර්ලිමේන්තු අධ්‍යයන හා පුහුණු කාර්යාංශය (BPST) විසින් සංවිධානය කරන ලද බවයි.

නියෝජිත පිරිසට නියෝජ්‍ය කාරක සභා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රිනි හේමාලි වීරසේකර , සභාගර්භයේ සභාපති මණ්ඩලය නියෝජනය
කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (COPA) සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE) සභාපතිවරු, රජය සහ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු පිරිසක් මීට ඇතුළත්.

පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහ පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද මෙම වැඩසටහනට
එක් වූ බවයි වාර්තා වන්නේ.

මැයි 26 වන දින නවදිල්ලියේ පාර්ලිමේන්තු පුස්තකාල ගොඩනැගිල්ලේ පැවති පිළිගැනීමේ උත්සවයක් සහ දැනුවත් කිරීමේ සැසියක් සමඟ වැඩසටහන ආරම්භ වුණා.

අනතුරුව ලෝක් සභාව, රාජ්‍ය සභාව, ඇතුළු වැදගත් ස්ථාන දැකබලා ගැනීමට ද පිරිස එක්වූ අතර ඉන්දියානු පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ ආයතනික හා ඓතිහාසික වැදගත්කම පිළිබඳව එහිදී හඳුන්වාදීම සිදු කළා.

ඉන්දියානු පාර්ලිමේන්තුවේ මූල්‍ය කාරක සභා පිළිබඳව දැනුවත් කිරීමකට නියෝජිත පිරිස එක් වුණා.

ඒකාබද්ධ ලේකම් ශ්‍රී එච්. රාම් ප්‍රකාශ් සහ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ ශ්‍රී මුරලීධරන් පී. විසින් මෙහෙයවන ලද මෙම සැසිය, මූලික මූල්‍ය කාරක සභා, විශේෂයෙන් ජ්‍යෙෂ්ඨ විපක්ෂ නායකවරයාගේ සභාපතිත්වයෙන් යුත් රාජ්‍ය ගිණුම් කාරක සභාව (PAC) පිළිබඳව හඳුන්වාදීම සිදු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?