ශ්‍රී ලංකා – නෙදර්ලන්ත තරගය අද

ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6 වටයේ තරග ආරම්භ කරමින් ශ්‍රී ලංකා පිල අද නෙදර්ලන්තයට එරෙහිව තරග බිමට පිවිසෙනවා.

බුලවායෝහි කුයින්ස් පාක් ක්‍රීඩාංගණයේදී මෙරට වේලාවෙන් දහවල් 12.30ට තරගය ආරම්භ වීමට නියමිතයි.

මේ අතර චමීරගේ ආබාධ තත්ත්වය පූර්ණ වශයෙන් සුව නොවීම හේතුවෙන් ඔහුට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ඉදිරි තරග සඳහාත් සහභාගී විය නොහැකි බව වාර්තා වෙයි.

ඒ අනුව දුෂ්මන්ත චමීර යළි දිවයිනට පැමිණීමට නියමිත අතර ඒ වෙනුවට අතිරේක ක්‍රීඩකයෙකු ලෙස සිම්බාබ්වේ දේශයට ගොස් සිටින වේගපන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුෂංඛ ශ්‍රී ලංකා සංචිතයට මෙලෙස ආදේශ කිරීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !