ශ්‍රී ලංකා නායක දසුන් ශානකට ඉන්දියාවෙන් අලුත් නමක්

ඉන්දියාව සමඟ විස්සයි විස්ස තරගාවලිය අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට හෙට (10) ආරම්භ වන එක්දින තරගාවලියට සූදානම් වෙමින් සිටිනවා.

නිමා වූ විස්සයි විස්ස තරගාවලිය ඉන්දීය පිළ තරග දෙකට එකක තියුණු ජයක් ලබා ගැනීමෙන් අනතුරුව එක්දින තරගාවලිය ආරම්භ වන ගුවහාටි බලා පිටත්ව ගියේ ජයග්‍රාහී මානසිකත්වයෙන්.

කෙසේ වෙතත් විස්සයි විස්ස තරගාවලිය පරාජයට පත් වුව ද, ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතා වෙනදාට වඩා කැපී පෙනුණු බවයි විචාරකයින් සඳහන් කළේ.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම් නායක දසුන් ශානකගේ දක්ෂතා පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වූ අතර, ඔහු මේ වනවිට ඉන්දියාව තුළ ජනප්‍රිය පුද්ගලයෙක් බවට පත්ව ඇති බවයි එරට මාධ්‍ය වාර්තාකර තිබුණේ.

ඒ, අනුව ශානකව හැඳින්වීම සඳහා විශේෂ වූ නාමයක් ද (අන්වර්ථ නාමයක්) භාවිත කිරීමට හුරු වී සිටින අතර, ජනප්‍රිය පුවත් සේවයක් වන ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත් සේවය වාර්තා කර තිබුනේ එය “නිගම්බෝ නයිලර්” (Negombo Nailer) ලෙසයි.

නිමා වූ විස්සයි විස්ස තරගාවලිය තුළ දසුන් වැඩි වශයෙන් පිත්තෙන් දකෂතා දැක්වීමට සමත් වූ අතර එහිදී ඔහු තරගාවලිය තුළ දෙවනුවට වැඩිම ලකුණු රැස්කළ ක්‍රීඩකයා බවට පත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
136
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34
Video thumbnail
දිල්කා සමන්මලීට කළ අපහාසයට හිරුණිකාගෙන් සැර ප්‍රකාශයක්..අවු:7 -10 සිර දඬුවම් විදින්න වෙනවා
08:18
Video thumbnail
බලශක්ති ඇමතිට අජිත් හොඳම එකෙන් දෙසයි..කුමාර විතරක් නෙවෙයි මේකට තව අය සම්බන්දයි
12:11
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04
Video thumbnail
රැදවුම් භාරයේ සිටින පිල්ලෙයාන් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ආ අයුරු
02:02
Video thumbnail
රාජපක්ෂ නාමය නැතුව විරුද්ධවාදීන්ට දේශපාලනය කරන්න අමාරුයි l Namal Rajapaksa
03:25