ශ්‍රී ලංකා තායිලන්ත නිදහස් වෙළඳ ගිවිසුමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය

ශ්‍රී ලංකා තායිලන්ත වෙළඳ ගිවිසුම අත්සන් කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබෙනවා.

සැපයුම් ධාරිතාව වර්ධනය කිරීම අපනයනාභිමුඛ ඍජු විදේශ ආයෝජන ආකර්ශණය කර ගැනීම සහ ශ්‍රී ලංකාවේ භාණ්ඩ හා සේවා සඳහා ජාත්‍යන්තර වෙළඳපොල ප්‍රවේශය පුළුල් කර ගැනීම ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සඳහා අත්‍යවශ්‍යයෙන් අනුගමනය කළ යුතු උපාය මාර්ග ලෙසටයි හඳුනාගෙන ඇත්තේ.

ඒ අනුව අග්නිදිග ආසියුනා ජාතීන්ගේ සංගමයෙහි විශාලතම ආර්ථියක් සහ විශාලතම භාහිර ආයෝජක රාජ්‍යයක් වන තායිලන්තය සමග නිදහස් වෙළඳ ගිවිසුමකට එළඹීම සඳහා සාකච්ඡා ආරම්භ කිරීම වෙනුවෙන් අමාත්‍ය මණ්ඩලය විසින් පසුගිය 2018 වසරේ ජනවාරි 16 වනදා පැවති රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබෙනවා.

සාකච්ඡා ක්‍රියාවලිය අතරතුර ජාතික වෙළඳ සාකච්ඡා කමිටුව විසින් අදාළ සියලු දේශීය පාර්ශවකරුවන් සමග ද අදහස් හුවමාරු කරගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා සහ තායිලන්ත දෙපාරශවය අතර පැවති සාකච්ඡා වට 9කට පසු සකස් කරනු ලැබ ඇති වෙළඳාම සහ ආයෝජන වැඩිදියුණු කිරීම දේශීය නීති හා රෙගුලාසි සඳහා අනුකූලතාව සහ දැනුම් හුවමාරු කිරීම පහසුකරණය ඇතුලුව පූර්විකාව සහ ඇමුණුම් ඇතුලත් පරිච්ජේද 14කින් සමන්විත සම්පූර්ණ නිදහස් වෙළඳ ගිවිසුම් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය සහ විදේශ කටයුතු අමාත්‍යංශයේ එකඟතාව ද ලැබී තිබෙනවා.

ඒ අනුව යෝජිත ශ්‍රී ලංකා තායිලන්ත නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් තැබීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාවයි අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07