ශ්‍රී ලංකා ගුවන් හමුදාව ප්‍රථම වතාවට දේශීය ආයුර්වේද සායනයක් ආරම්භ කරයි

දේශීය වෛද්‍ය විද්‍යාව ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව ප්‍රථම වතාවට දේශීය ආයුර්වේද සායනයක් ආරම්භ කරයි.

රාජගිරිය ආයුර්වේද රෝහලේ ආයුර්වේද වෛද්‍යවරුන් විසින් මෙහෙයවනු ලබන, ගුවන් හමුදා කොළඹ කඳවුරු රෝහලේ අභිනවයෙන් විවෘත කරන ලද ආයුර්වේද සායනය විවෘත කිරීමේ උත්සවය ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ සංකල්පයකට අනුව ගුවන් හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් එල්.ආර්. ජයවීර මහතාගේඋපදෙස් පරිදි කොළඹ ශ්‍රී ලංකා ගුවන් හමුදා රෝහලේ අණදෙන නිලධාරී ගෲප් කපිතාන් පී.ඒ.වී පද්මපෙරුම මහතාගේ සම්බන්ධීකරණයෙන් මෙම සායනය ආරම්භ කරන ලදී.

දේශීය වෛද්‍ය විද්‍යාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ගුවන් හමුදා ඉතිහාසයේ ප්‍රථම වතාවට ආරම්භ කළ මෙම ආයුර්වේද සායනය මගින් ගුවන් හමුදා සේවා පුද්ගලයින්ගේ හා ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින්ට මෙන්ම විශ්‍රාමික ගුවන් හමුදා පුද්ගලයින් සඳහාද ආයුර්වේද ඖෂධ ලබා දෙනු ඇත.
මෙම ආයුර්වේද සායනය රාජගිරිය ආයුර්වේද රෝහල සමඟ ඒකාබද්ධව සෑම මසකම බ්‍රහස්පතින්දා දිනයන්හිදී කොළඹ ගුවන් හමුදා කඳවුරු රෝහල් පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ධාවනය වෙමින් තිබූ යතුරුපැදියකට විශාල ගසක් කඩාවැටී දෙදෙනෙකුට තුවාල
00:43
Video thumbnail
හොරෙන් වැලි ප්‍රවාහනය කළ ටිපර් පසුපස පන්නපු පොලිසිය - කොච්චර කිව්වත් අණ නොතකා යන හැටි
02:25
Video thumbnail
පොලිසියේ තියෙන බලතල ත්‍රිවිධ හමුදාවට ලබාදෙන්න යන්නේ - සජබ රෝහණ හෙළිකරයි
05:51
Video thumbnail
ගාල්ලේ පවතින ආපදා තත්ත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් - අංක එක ජීවිත හානි වළක්වා ගැනීම
03:28
Video thumbnail
ශ්‍රී මහා බෝධිය වැද පුදා ගැනීමට බැතිමතුන් රැසක් පැමිණෙයි
00:44
Video thumbnail
හිටපු ජනපතිවරයෙක් ලසන්තට අසභ්‍ය වචනයෙන් බැනලා - මරණය ගැන දන්න අය කට හෙල්ලුවේ නෑ
13:36
Video thumbnail
පොළොන්නරුවම සලිත කළ රෝහලේ පිපිරීමේ ඔබ නොදුටු දර්ශන - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංගත් එයි
01:31
Video thumbnail
පිපිරුණු වකුගඩු රෝහල නිරීක්ෂණයට ගිය ටී.බී.සරත් - "පුපුරා යාමෙන් විශාල හානියක් වෙලා"
03:25
Video thumbnail
ලසන්තගේ මරණය ගැන රංග හෙළිකරපු දේ - ඇම්මක් තියෙන අයව සමහරුන්ට දිරවන්නේ නෑ
10:55
Video thumbnail
වකුගඩු රෝහලේ සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූවන්ගෙන් තිදෙනෙක් දැඩිසත්කාරයේ - මෙන්න එහි නවතම දර්ශන
01:04