ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක සභාවේ සාමාජිකයන් අද ක්‍රීඩා අමාත්‍යාංශයට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක සභාවේ සියලු සාමාජිකයන් අද (08) දිනයේ ක්‍රීඩා අමාත්‍යාංශයට කැඳවා ඇති බව වාර්තා වනවා.

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී පොලිස් අත්අඩංගුවට පත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා මෙම කැඳවීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහගේ ප්‍රධානත්වයෙන් මෙම හමුව පැවැත්වෙන බව සඳහන්.

ඊට අමතරව මෙම හමුවට ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා, ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා හා ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ද සහභාගි වීමට නියමිතයි.

මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක සභාවේ ඇතැම් සාමාජිකයන් විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සහභාගි වී සිටීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සිටින සාමාජිකයන් කිහිපදෙනා මෙම හමුව සඳහා එක්වීමට නියමිත බව සඳහන්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගී වූ නිලධාරීන් හා ඔවුන් වෙනුවෙන් වැයකළ මුදල් පිළිබද වාර්තාවක් මෙහිදී ලබාගැනීමට නියමිත බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34
Video thumbnail
දිල්කා සමන්මලීට කළ අපහාසයට හිරුණිකාගෙන් සැර ප්‍රකාශයක්..අවු:7 -10 සිර දඬුවම් විදින්න වෙනවා
08:18
Video thumbnail
බලශක්ති ඇමතිට අජිත් හොඳම එකෙන් දෙසයි..කුමාර විතරක් නෙවෙයි මේකට තව අය සම්බන්දයි
12:11
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04
Video thumbnail
රැදවුම් භාරයේ සිටින පිල්ලෙයාන් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ආ අයුරු
02:02
Video thumbnail
රාජපක්ෂ නාමය නැතුව විරුද්ධවාදීන්ට දේශපාලනය කරන්න අමාරුයි l Namal Rajapaksa
03:25
Video thumbnail
ගල් අඟුරු වංචාව පිටිපස්සේ රටේ විධායක ජනාධිපති අනුර ඉන්නවා..පික්පොකට් එක ගහලා තියෙන්නේ හොරා කියපු එකා
02:45
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් දැඩි විරෝධයක්
00:38