ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම ICC අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ ප්‍රධානම මාතෘකාව වෙයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම 2023 ලෝක කුසලානය අවසන් තරගයෙන් දින දෙකකට පසුව අහමදාබාද්හි දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙම රැස්වීමේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් අත්හිටුවීම, එක්දින ක්‍රිකට් අනාගතය, 2028 දී ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලට ක්‍රිකට් ඇතුළත් කිරීම, 2024-27 ඉසව් චක්‍රය සඳහා ආදායම් බෙදා හැරීමේ ආකෘතිය ඇතුළු කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

පසුගිය සතියේ ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් පැනවූ තහනම මෙවර අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ ප්‍රධානතම මාතෘකාව වනු ඇති බවයි ජාත්‍යන්තර ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

ජනවාරි සහ පෙබරවාරි මාසවල පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ පිරිමි ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාව දිගටම පවත්වාගෙන යන්නේ ද, ශ්‍රී ලංකා ක්‍රිකට් අත්හිටුවීම සම්බන්ධයෙන් ඇති විය හැකි කොන්දේසි පිළිබඳව ද දීර්ඝ වශයෙන් මෙහිදී සාකච්ඡා කරනු ඇති.

එමෙන්ම පන්දු ඕවර පනහා ආකෘතියේ අනාගතය පිළිබඳව ද සාකච්ඡා කිරීමට යෝජනා වී ඇති අතර, මෑතකදී ඉවත් කරන ලද කණ්ඩායම් 13 කින් යුත් එක්දින සුපර් ලීග් තරඟාවලිය සහ කණ්ඩායම් 14කින් යුත් 2027 පිරිමි එක්දින ලෝක කුසලානය සඳහා දැනටමත් අනුමත කර ඇති නව සුදුසුකම් මාර්ගයන් පිළිබඳව ද සාකච්ඡාවර භාජනයවන බව සඳහන්.

මෙම කරුණුවලට අමතරව තවත් සුවිශේෂී කරුණු කිහිපයක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම තුළ අවධානයට යොමුවනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
13
+1
3
+1
2
+1
2
+1
4
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිරිත්, සිංදුවලින් කළුතර න.සභාවේ දී විපක්ෂේ මන්ත්‍රී වටේටම හොඳවැයින් අමතයි
03:43
Video thumbnail
මුජිබුර් පාර්ලිමේන්තුවේ ලෙසටම ෆයර්වෙයි.."කළුගගේ පීනුවා වගේ මුහුදේ පීනන්න බෑ.."
11:13
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13


?