ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පර්සි අබේසේකර මහතාට රුපියල් මිලියන 5 ක මුදල් පරිත්‍යාගය සිදුකර තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් මෙම තීරණය ගෙන ඇත.
මොහාන් ද සිල්වා මහතා පැවසුවේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට දිරිගන්වන්නෙකු ලෙසින් පර්සිගෙන් ලද දායකත්වය අපමණ යි, ඔහු ක්‍රීඩකයින්ට සහ සමස්ත ක්‍රීඩාවට ශක්තියක් වූ බව හෙතෙම පැවසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් පර්සිගේ සෞඛ්‍ය තත්ත්වය සහ සුවදුක් විමසීම සඳහා ඔහුගේ නිවසට පැමිණි අවස්ථාවේදී මොහාන් ද සිල්වා මහතා විසින් අබේසේකර මහතා වෙත මෙම පරිත්‍යාගය භාරදී තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
+1
3
+1
1
+1
1
+1
2
+1















