ශ්‍රී ලංකා ආර්ථිකය ප්‍රපාතයකට පෙරළෙන වාහනයක වගෙයි ! – නව මහ බැංකු අධිපති

ශ්‍රීලංකා ආර්ථික ප්‍රපාතයකට පෙරළෙන වාහනයක ස්වභාවය ගන්නා බව නව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

” මේ වාහනයට ගොඩ වෙලා ඒකෙ තිරිංග තදකරලා මේක වැටිලා විනාශවෙන එක වළක්වා ගන්න එක තමයි පළමුව කළ යුත්තේ”

යනුවෙන් ඔහු සිය පළමු ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් කියා සිටියේය.නව මහබැංකු අධිපතිවරයාගේ මූලිකත්වයෙන් රැස්වූ මහබැංකු මූල්‍යමණ්ඩලය ඉතිහාසයේ වැඩිම අගයකින් මෙරට ප්‍රතිපත්ති පොලී අනුපාත ඉහළ දැමූ අතර එහි ප්‍රතිපල ලෙස මූල්‍ය ආයතන වල ණය පොලිය මෙන්ම තැන්පතු පොලියද ඉහළයනුඇත.

ඒකක 700කින් ඉහල දැමුනු ණය පොලී අනුපාතය 14.5% ක් වන අතර තැන්පතු පොලී අනුපාතය 13.5%කි.

මෙලෙස ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ උද්ධමනකාරී හැසිරීම් වලින් ජනතාව දුර්මුඛ කරන අතරතුර ඉතුරුම් සඳහා ඔවුන් දිරිමත් කිරීමටයි.

කෙසේ වෙතත් දැනට 17%ක මට්ටමේ පවතින උද්ධමනය තවදුරටත් ඉහළ යාම වැලැක්විය නොහැකි බව මහබැංකු අධිපතිවරයා පෙන්වා දෙයි.

“ජනතාවට ඒ නිසා තව ටික කලක් ඉවසීමෙන් කටයුතු කළ යුතු වෙනවා. අප ජනතාවට බොරු බලාපොරොත්තු දෙන්නේ නැහැ. මේ ආර්ථික කඩාවැටීම ආපසු හැරවීම ඉතා අපහසුයි .නමුත් එය කළ හැකියි”

“මහබැංකුව ස්වාධීන ආයතයක් ලෙස කටයුතු කිරීම අත්‍යවශ්‍යයි,මෙවැනි මොහොතක. දේශපාලන පක්ෂ වල අරමුණු අනුව අපට ක්‍රියාකරන්න බැහැ ”

ලෙස ඔහු සඳහන් කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස්පති, ආනන්ද විජේපාල ඇතුළු ප්‍රබලයින් රැසක් ජනපති සමඟ විශේෂ හමුවක් - මෙන්න ගත් පියවර
01:16
Video thumbnail
කසළ ප්‍රශ්නයට ආණ්ඩුවෙන් විසඳුම් - ආකල්පයන් පවා වෙනස් කරන්න වෙනවා
03:18
Video thumbnail
නීතිවිරෝධීව ධීවර කටයුතු කරමින් සිටියදී අනතුරට පත්වුණු ධීවර යාත්‍රාව
00:58
Video thumbnail
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයට බස් යොදවා ඇති අයුරු මෙන්න - වෙනදා වෙලාවටම තමයි යන්නේ
05:08
Video thumbnail
ගල් අඟුරු කොමිසමට සාක්ෂි දෙන්න ආ DV චානක හා කුමාර ජයකොඩි
02:24
Video thumbnail
අකිල ගැන UNPයෙන් කට අරියි - හොරු අල්ලන වැඩේ කළේ රනිල්..විහිළු සපයන්න එපා
02:48
Video thumbnail
රනිල් එකතුවී කතා කළ දේ වජිර හෙළිකරයි - අපේ කාලයේ සමථ මණ්ඩල රැස්වුණා
06:52
Video thumbnail
Industry කියලා කෑගැහුවට වැඩක් නෑ..ඒකනේ අපි කොවීඩ් කාලේ හොම්බෙන් ගියේ- භාතියගෙන් සැර කතාවක්
14:43
Video thumbnail
මල්පාරේ සාකච්ඡාවෙන් පසු ‍රංගේ බණ්ඩාර කිව්ව දේ - "දේශපාලනයේ නැත්තම් මෙතෙන්ට එනවයි"
02:20
Video thumbnail
සන්තූෂ් ඇතුළු සෙට් එක බුද්ධිමය දේපළ නිසා පැටලෙයි - අපි හැමදාම ගෙව්වේ පොටෝකොපිවලට විතරනේ
07:32