‘ශ්‍රී ලංකා ආර්ථිකය’ නමැති රෝගියා ශල්‍යකර්මයකින් පසු හදිසි ප්‍රතිකාර ඒකකයට – ජනපති

ශ්‍රී ලංකා ආර්ථිකය නමැති රෝගියා ශල්‍යකර්මයකින් අනතුරුව මේ වනවිට හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ දී අද (17) පැවති රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ “2024 හෙද සමුළුව” අමතමින්.

මේ වනවිට හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර සිටින ශ්‍රී ලංකා ආර්ථිකය නමැති රෝගියා සුවපත් කිරීමට තවත් වසර කිහිපයක් අවශ්‍ය වන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

අසාධ්‍ය තත්ත්වයේ පසු වූ රෝගියා සුවය ලබමින් සිටියදී වෛද්‍යවරයා මාරු කර සුදුසුකම් නැති වෛද්‍යවරයෙකුට භාරදීම සිදු නොකළ යුතු බවට උදාහරණ දෙමින් මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

රෝගියෙකුට ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කළ වෛද්‍යවරයෙකුගේ සහතිකය අවලංගු කළ හැකි බවත්; ආර්ථිකය සුවපත් කිරීමේ වගකීම ඉටු නොකර පලා ගිය දේශපාලනඥයන් ද ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ යුතු බව ද ජනාධිපතිවරයා මෙහිදී වැඩිවශයෙන් අවධාරණය කළා.

එමෙන්ම හෙද සේවාව මෙරට ආර්ථිකයේ ප්‍රධාන කොටසක් බවට පත් කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැමිණ සිටි වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් අමතමින් කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිස්සෙක් රජ වුණත් එකයි රජෙක් පිස්සෙක් වුණත් එකයි - කුට්ටි ආණ්ඩුවට අමතයි
Video thumbnail
මේ උඹව මකවලා යවන්නේ දැනගනින් - ගෝල්ෆේස් එකේ රඟන ෆේක් චණ්ඩි
02:39
Video thumbnail
සහෝදරයන්ගේ හදවතට කරපු කතාව - අත්පුඩියක් ගහන්න සහෝදරයා හයියෙන්
18:59
Video thumbnail
හිරුණිකා උදේ පාන්දර ආණ්ඩුවට විහිළු කරයි
33:26
Video thumbnail
බටලන්දේ අහන්න ඕන අඳුරු මතක - අපි මාර විදිහට දුක් වින්දා මහත්තයෝ
32:04
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.09
09:30:44
Video thumbnail
අනුරපුරම කම්පා කළ අනියම් පෙම - ජීවිතය නැති කරලා පාංශුකූලයත් දීලා
04:01
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රී හැමෝම හඬවා අවසන් ගමන් ගිය හැටි
18:17
Video thumbnail
ඇයි වයසක අපිව මෙහෙම රැවට්ටුවේ - වැඩි කරනවා කියපු අපේ විශ්‍රාම වැටුප කෝ
08:23
Video thumbnail
ගාන්ධිතුමාගේ සරලකම ගැන ඔබ නොදත් කතාව
03:27

?