‘ශ්‍රී ලංකා ආර්ථිකය’ නමැති රෝගියා ශල්‍යකර්මයකින් පසු හදිසි ප්‍රතිකාර ඒකකයට – ජනපති

ශ්‍රී ලංකා ආර්ථිකය නමැති රෝගියා ශල්‍යකර්මයකින් අනතුරුව මේ වනවිට හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ දී අද (17) පැවති රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ “2024 හෙද සමුළුව” අමතමින්.

මේ වනවිට හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර සිටින ශ්‍රී ලංකා ආර්ථිකය නමැති රෝගියා සුවපත් කිරීමට තවත් වසර කිහිපයක් අවශ්‍ය වන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

අසාධ්‍ය තත්ත්වයේ පසු වූ රෝගියා සුවය ලබමින් සිටියදී වෛද්‍යවරයා මාරු කර සුදුසුකම් නැති වෛද්‍යවරයෙකුට භාරදීම සිදු නොකළ යුතු බවට උදාහරණ දෙමින් මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

රෝගියෙකුට ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කළ වෛද්‍යවරයෙකුගේ සහතිකය අවලංගු කළ හැකි බවත්; ආර්ථිකය සුවපත් කිරීමේ වගකීම ඉටු නොකර පලා ගිය දේශපාලනඥයන් ද ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ යුතු බව ද ජනාධිපතිවරයා මෙහිදී වැඩිවශයෙන් අවධාරණය කළා.

එමෙන්ම හෙද සේවාව මෙරට ආර්ථිකයේ ප්‍රධාන කොටසක් බවට පත් කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැමිණ සිටි වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් අමතමින් කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34