AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළමු ටෙස්ට් තරගයට එන ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්න

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළමු ටෙස්ට් තරගය හෙට ඉන්දියාවේ මොහාලි හිදී ආරම්භවෙයි.

එම තරගයේදී ක්‍රීඩා කිරීමට ඉඩ ඇති ශ්‍රී ලංකා කණ්ඩායම සම්බන්ධයෙන් ඉඟියක් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පළකර ඇත.

ඔහු පවසා ඇත්තේ කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙස නිරෝෂන් දික්වැල්ල ක්‍රීඩා කිරීමට නියමිත බවය.

එසේම වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර හෙට තරගය සඳහා විවේක ගැන්වීමට ඉඩ ඇති බවද වාර්තා වෙයි.

හෙට ක්‍රීඩා කිරීමට ඉඩ ඇති ශ්‍රී ලංකා කණ්ඩායම මෙසේය.

දිමුත් කරුණාරත්න (නායක)
ලහිරු තිරිමාන්න 
පැතුම් නිස්සංක 
ඇන්ජලෝ මැතිව්ස් 
ධනංජය ද සිල්වා 
චරිත අසලංක
නිරෝෂන් දික්වැල්ල 
සුරංග ලක්මාල් 
ලසිත් ඇඹුල්දෙණිය 
ලහිරු කුමාර  
විශ්ව ප්‍රනාන්දු
 

කණ්ඩායම සම්බන්ධයෙන් අදහස් දැක්වූ නායක දිමුත් කරුණාරත්න,

“ඉන්දියාවේ පැවති ටෙස්ට් තරගයක් දිනලා නැහැ. මොකද ඉන්දියාවල ඉන්දියාව සමග තරග කිරීම ලේසි වෙන්නේ නැහැ. අපි ගොඩක් පුරුදු වෙලා තියෙනවා. අපි ගොඩක් ප්ලෑන් කරලා තියෙනවා කොහොමද තරගයක් දිනන් පුළුවන් කියලා. මේ අයගේ පන්දු යැවීමේ ඉරියව් එක්ක බලද්දි පන්දුවට පහරදෙන්න 07කට යන එක තමයි මගේ විශ්වාසය. එතකොට අපේ ප්‍රධාන පන්දු යවන්න 04ක් සහ ධනංජය සමග ක්‍රීඩා කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ.”    

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?