ශ්‍රී ලංකාව සඳහා ණය සහන ක්‍රියාවලිය ආරම්භ කිරීමට පැරිස් සමාජය සූදානම්

ශ්‍රී ලංකාව සඳහා ණය සහන ක්‍රියාවලිය ආරම්භ කිරීමට සූදානම් බව පැරිස් සමාජ සාමාජිකයෝ (Paris Club Members ) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

ණය පිළියම් පටිපාටියක් ආරම්භ කිරීමට පැරිස් සමාජය සූදනම් අතර කාලෝචිත පරිදි අවශ්‍ය මූල්‍ය රක්ෂණ සැපයීම සහ අවශ්‍ය මූල්‍ය සහතික කිරීම් නියමිත වේලාවට ලබා දීම සඳහා පැරිස් සමාජයේ නොවන නිල ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ සම්බන්ධීකරණය කිරීමට ඇති කැමැත්ත නැවත අවධාරණය කළ බව එම නිවේදනයේ දැක්වේ.

දීර්ඝ කළ ණය පහසුකම් යටතේ මාස 48ක කාලයක සැලැස්මක් සඳහා ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් අතර පැවති නිලධාරී මට්ටමේ ගිවිසුම පිරිස් සමාජය විසින් පිළිගෙන ඇත.

සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ රාජ්‍ය ණය තිරසාරත්වය පවත්වාගෙන යාම සඳහා වූ වැදගත් පියවර මෙම ගිවිසුමෙහි අන්තර්ගතය.අනෙකුත් නිල ද්විපාර්ශ්වීය ණය හිමියන්ට ද දැනටමත් යෝජනා කර ඇති පරිදි සාධාරණව කටයුතු කිරීමට ඇති හැකියාව ඔවුන් තහවුරු කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?