ශ්‍රී ලංකාව වෙනුවෙන් ලොව ප්‍රමුඛ ආර්ථික විද්‍යාඥයින් 120ක් එකට සිටගනී

‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් සිදුවූ දැඩි විනාශය පිළිබඳ සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකාවට අදාළ ණය ගෙවීම් තාවකාලික අත්හිටුවීමට පියවර ගන්නා ලෙස ඉල්ලමින් ආර්ථික විද්‍යාඥයින් 120 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් මහජන අභියාචනයක් නිකුත්කර තිබෙනවා.

The Guardian පුවත්පත වාර්තා කරන්නේ මෙම මහජන අභියාචනය ඉදිරිපත් කළ විද්‍යාඥයින් අතර නොබෙල් ත්‍යාගලාභී ජෝසප් ස්ටිග්ලිට්ස් වැනි ලොව ප්‍රමුඛ ආර්ථික විද්‍යාඥයින්ද සිටින බවයි.

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති වත්මන් හදිසි අවශ්‍යතා හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අතිරේක ණයක් මේ වන විටත් ලබා ගෙන ඇති අතර, ශ්‍රී ලංකාවට ඉදිරියේ දී තවත් ණය ලබාගැනීමට සිදුවනු ඇති බව එම විද්‍යාඥයින් පෙන්වා දෙනවා.

ඔවුන්ගේ මතය අනුව, ව්‍යසනයෙන් පසු නැවත ශ්‍රී ලංකාව ගොඩනැගීම සහ ජනතා ජීවනෝපායන් සුරැකීම සඳහා අවශ්‍ය මූල්‍ය ඉඩකඩ ලබාදීමට, ශ්‍රී ලංකාවේ ණය ගෙවීම් අත්හිටුවා නැවත ණය ප්‍රතිසංවිධානයක් සිදුකළ යුතු බව සඳහන්.

ආර්ථික විද්‍යාඥයින් පිරිස ඉදිරිපත් කළ අභියාචනය පහතින්,

4 1 scaled
5 1 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?