spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාව වටා මුහුදේ තෙල් සහ ගෑස් සොයන්න සැරසෙයි

ශ්‍රී ලංකාවේ මුහුදු තීරයේ ඇති ඛනිජ සම්පත් ගවේෂණයට සහ ආයෝජනයන්ට අදාළ කටයුතු වෙනුවෙන් ඛණිජතෙල් සංවර්ධන අධිකාරිය කටයුතු ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා.

තෙල් සහ ගෑස් ගවේෂණ කටයුතු වෙනුවෙන් වන ආයෝජන සඳහා නීතිමය රාමුව අවසන් කරන රෙගුලාසිවලට අත්සන් කළ බවයි ට්විටර් සටහනක් තබමින් අමාත්‍ය කංචන විජේසේකර කියාසිටියේ.

ඒ අනුව එම අධිකාරිය කටයුතු කරන බව බලශක්ති අමාත්‍යංශය සඳහන් කළා.

සුදුසු ආයෝජකයින් සමඟ රට වටා මුහුදු තිරයේ හඳුනාගත් කොටස් 900ක පමණ ගවේෂණ කටයුතු නැවත ආරම්භ කිරීමටයි ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය බලාපොරොත්තු වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
43
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?