spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාව ලෝකෙට පොලු තියලා නැහැ – රංජිත් සියඹලාපිටිය

ශ්‍රී ලංකාව ණය ගෙවීම පැහැර හැර ඇති බවට ඇතැමුන් සිදුකරන ප්‍රකාශවල කිසිඳු සත්‍යතාවයක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍යය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව සිදු කළේ බංකොලොත්භාවය නිල වශයෙන් ප්‍රකාශයට පත්කොට ණය ගෙවීම කල් දමා ගැනීමක් බවයි.

එය කිසිසේත්ම ණය ගෙවීම පැහැර හැරීමක් නොවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

තවත් මාස දෙකක කාලයක් තුළ සියලු ණය ප්‍රතිව්‍යුහගතකර කටයුතු අවසන් කරන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

මේ අතර අතර ශ්‍රී ලංකාව ලෝකයේ රටවල්වලට රුපියල් කෝටි එක්ලක්ෂ තිස් හත්දහසක් ගෙවීම පැහැර හැර ඇති බව මෙරට ජාතික පුවත් පතක් අද (04) දිනයේ වාර්තා කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
2
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?