spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාව තවමත් මැදි ආදායම් ලබන රටක් බව IMF කියයි

ශ්‍රී ලංකාවේ ණය අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පාර්ශ්ව රැසක් සමඟ සම්බන්ධ වී කටයුතු කරමින් සිටින බව එම අරමුදලේ ආසියානු පැසිෆික් කලාපයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ඈන් මරී ගොල්ඩ් වුල්ෆ් පවසනවා.

ශ්‍රී ලංකාවේ දිගුකාලීන මූල්‍ය ගැටලුවලට විසඳුම් සෙවීමේ දී ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු අනෙකුත් බහුපාර්ශ්වික ණය ලබාදෙන්නන් සතුව ඇති ප්‍රතිපත්ති වැදගත් වනු ඇති බවයි ඇය පෙන්වා දෙන්නේ.

මේ අතර, ශ්‍රී ලංකාව තවදුරටත් මැදි ආදායම් ලබන රටක් ලෙස සලකන බව ඇය වැඩිදුරටත් සඳහන් කළා.

දළ දේශීය නිෂ්පාදිතයේ පහත වැටීමක් සිදුවුව ද ශ්‍රී ලංකාව මැදි ආදායම් ලබන රටක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිගන්නා බවයි නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ඈන් මරී ගොල්ඩ් වුල්ෆ් පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?