Empty Ad
AFC Banner
Empty Ad

ශ්‍රී ලංකාවේ වෛරී ප්‍රකාශ පිළිබඳ නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ වැඩමුළුවක් කොළඹ දී

ප්‍රමුඛ පෙළේ නීති විශාරදයන්, විද්වතුන් සහ පාර්ශ්වකරුවන් එක්කර ගනිමින් “ප්‍රතිසංස්කරණ සඳහා මාවතක්: ​​ශ්‍රී ලංකාවේ වෛරී ප්‍රකාශ නීති පිළිබඳ විමර්ශනය කිරීම” යන මැයෙන් කාලීන වැඩමුළුවක් පැවැත්වුණා.

මෙම විශේෂ වැඩමුළුව පසුගියදා (28) පැවැත්වුණේ; කොළඹ මැන්ඩරිනා හෝටල් පරිශ්‍රයේ දියි.

මාධ්‍ය නීති සංසදය (Media Law Forum) විසින් සංවිධානය කරන ලද මෙම වැඩමුළුව, වෛරී ප්‍රකාශ සමාජයෙන් තුරන් කිරීම පිළිබඳ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ පිළිබඳ අර්ථවත් සංවාදයක් සහ සහයෝගීතාවක් ඇති කිරීම අරමුණු කරගනිමින් පැවැත්වුණා.

වැඩමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස, UNESCO හි නව දිල්ලි කාර්යාලයේ සන්නිවේදන සහ තොරතුරු පිළිබඳ උපදේශක, හෙසෙකියල් ඩ්ලමිනි (Hezekiel Dlamini) එක් වූ අතර ඔහු විසින් ප්‍රධාන දේශනය ද සිදු කරනු ලැබුවා.

මෙම වැඩමුළුවට ඉදිරිපත් කළ යෝජිත වෛරී කථන ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ ලේඛනය පිළිබඳ පුළුල් සමාලෝචනයක් ලබා දුන් බවයි වාර්තා වන්නේ.

ඵලදායී මාධ්‍ය ප්‍රතිපත්ති මුලපිරීම් හරහා වෛරී කථනයට එරෙහිව යුනෙස්කෝවේ ප්‍රයත්න ඉස්මතු කරමින් ගෝලීය අත්දැකීම් මෙහිදී බෙදාහදා ගැනුණා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නීති අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ නීති අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය තුසිත අබේසේකර විසින් සංසන්දනාත්මක වෛරී ප්‍රකාශන නීති සම්පාදනය පිළිබඳ විග්‍රහයක් ද මෙහිදී ඉදිරිපත් කරනු ලැබුවා.

මෙම විශේෂ වැඩමුළුව මාධ්‍ය නීති සංසදයේ සභාපති නීතිඥ විරංජන හේරත් මහතා විසින් මෙහෙයවන ලද සංවාද මණ්ඩපයක් ද සමගින් වැඩමුළුව තවත් සම්පූර්ණ වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිමාව දිනෙව්වේ නැත්තම් සල්ලි දෙන්නේ නෑලු
14:50
Video thumbnail
මෝදිත් ජනපතිගේ ඔළුවෙන්ම මේ පාර තමයි කලිසම ගලවන්නේ
20:14
Video thumbnail
අගමැති,ජනාධිපති කරන්නේමේ කරන්නේ මේ රටේ රෙද්ද කඩන එක
05:58
Video thumbnail
සදාකාලිකවම නිසල වූ පා.ම නුවන් කෝසලගේ මව රෝහලේ හඬා වැටෙයි
01:07
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීරහදිසියේම අභාවප්‍රාප්ත වෙයි
01:06
Video thumbnail
🔴BREAKING NEWS... පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීරඅභාවප්‍රාප්ත වෙයි
01:35
Video thumbnail
අනුර වික්‍රමසිංහගේ කෙරුවාව එළියට
10:40
Video thumbnail
එජාපයේ භූතයෝ දෙන්නෙක් ඉන්නවා - කියන්න කොන්දක් නැත්ද ?
10:39
Video thumbnail
පාතාලේ අයියලා යට ගහපු නීති විරෝධි බර අවි ලොට් එකක්ම අතේ මාට්ටු
03:20
Video thumbnail
හොරට අත්සන් කළේ මොන බම්බුවටද ? විමල් ආණ්ඩුවට සැරටම අමතපු ඇමතිල්ල
07:29
<p>?</p>