වංචා දූෂණ අවම කිරීමට බ්‍රිතාන්‍යයේ ඇති ක්‍රමවේදය ගැන ශ්‍රී ලංකාවට දැනුම්දීමක්

වංචා දූෂණ අවම කිරීමට පළාත් පාලන ආයතන පිළිබඳ බ්‍රිතාන්‍යයේ පවතින ක්‍රමවේදය සාකච්ඡාවට ලක් කර තිබෙනවා.

ඒ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් (Andrew Patrick) මහතා අතර හමුවක් අද (06) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සිදු වූ අවස්ථාවේදියි.

ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍ය අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අපේක්ෂා කරන බව මෙම හමුවේදී බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කළා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ක්‍රියාත්මක වැඩසටහන පිළිබඳ ව බ්‍රිතාන්‍ය රජය අගය කරන බවත්, වංචා දූෂණවලින් තොර රටක් බිහි කිරීමේ රජයේ වැඩපිළිවෙළ සාක්ෂාත් කර ගැනීම සහ රාජ්‍ය ආදායම වැඩි කර ගැනීම සඳහා අවශ්‍ය සහාය ලබාදීමට බ්‍රිතාන්‍ය රජය සූදානම් බවත් ඇන්ඩෲ පැට්‍රික් මහතා මෙහිදී අවධාරණය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ.

පළාත් පාලන ආයතන පිළිබඳ බ්‍රිතාන්‍යයේ පවතින ක්‍රමවේදය ඉතා වැදගත් වන බවත්, එම ක්‍රමවේදය තුළින් වංචා දූෂණ අවම කර ගැනීමට හැකියාව පවතින බවත් සඳහන් කළ මහ කොමසාරිස්වරයා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය පිළිබදව ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට කටයුතු කළ හැකි බව ද වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?