ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අමෙරිකාවේ සහාය

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරිම සඳහා සහාය ලබාදෙන බව අමෙරිකා එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් ( Janet Yellen ) මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී ඇත .

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදය විසදීම සඳහා මූල්‍ය නීතිරීති වලට අනුව ලෝක බැංකුව , ආසියානු සංවර්ධන බැංකුව සහ අමෙරිකානු මූල්‍ය ආයතනවල සහාය ලබාදීමට කටයුතු කරන බව ද භාණ්ඩාගාර ලේකම්වරිය දැනුම් දී තිබේ

ශ්‍රී ලංකාවේ නිල ද්විපාර්ශ්වික ණය හිමියන් සඳහා සම්බන්ධීකරණ වේදිකාවක් සඳහා වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ යෝජනාව පිළිගන්නා එක්සත් ජනපද භාණ්ඩාගාරය මේ සම්බන්ධයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටී .

එක්සත් ජනපදය සිය මූලධර්මවලට අනුකූලව මූල්‍ය සහතික කිරීම කඩිනම් කිරීම යන පොදු ඉලක්කය ශ්‍රී ලංකාව සමඟ බෙදා ගනිමින් , පැරිස් සමාජයේ අනෙකුත් සාමාජිකයන් හා සම්බන්ධ වීමට සූදනම්ය . තවද එක්සත් ජනපද භාණ්ඩාගාරය ශ්‍රී ලංකාවේ ජනතාවට උපකාර කිරීම සඳහා ඔවුන්ගේ අනෙකුත් රාජ්‍ය ආයතන මෙන්ම ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව සමඟ අඛණ්ඩව සම්බන්ධ වීමට ප්‍රතිඥා දී ඇත .

පාසල් දරුවන්ගේ පෝෂණය ඉහළ නැංවීම , ගර්භනී කාන්තාවන් සහ නව මව්වරුන් සඳහා ආහාර වවුචර ලබාදීම , ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා කුඩා හා මධ්‍ය පරිමාණ ගොවීන් සඳහා පොහොර සහ මුදල් ලබා දෙමින් එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ ජනතාවට අන්‍යෝන්‍ය වශයෙන් සහයෝගය ලබා දී ඇති බවද භාණ්ඩාගාර ලේකම්වරිය තවදුරටත් දන්වා තිබේ විස්තීරණ අරමුදල් පහසුකමක් ( EFF ) හරහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණයට එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව සිය ප්‍රසාදය පළ කර සිටී .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22ක සම්මත වීම ගැන සජිත් කිව්ව දේ - පාර්ලිමේන්තුවේ ඔළුගෙඩිවලින් ජයග්‍රහණයක්
01:39
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21