spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස්ට කැඳවීමක්

කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයන් සම්බන්ධයෙන් විමසීමට විදේශ කටයුතු අමාත්‍යංශය විසින් මෙරට කැනේඩියානු මහ කොමසාරිස්වරයා කැඳවා තිබෙනවා.

කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා විසින් ප්‍රකාශ කරන ලදැයි කියන ‘ශ්‍රී ලංකාවේ ජන සංහාරය’ සම්බන්ධයෙන් විරෝධතාව දැක්වීම සඳහා විදේශ අමාත්‍යවරයා විසින් මෙලෙස මහ කොමසාරිස්වරයා කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ විසින් පසුගියදා කරන ලද ප්‍රකාශය ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

නිවේදනයක් නිකුත් කරමින් විදේශ අමාත්‍යාංශය කියා සිටියේ කැනේඩියානු අග්‍රාමාත්‍යවරයාගේ පදනම් විරහිත චෝදනා ශ්‍රී ලංකාව දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බවයි.

ජාතියක නායකයෙකුගේ මෙවැනි වගකීම් විරහිත ප්‍රකාශයන් සාමය සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම වෙනුවට කැනඩාව සහ ශ්‍රී ලංකාව තුළ අසමගිය සහ වෛරය ඇති කරන බවයි අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

වෛරය, සාවද්‍ය තොරතුරු සහ අන්තවාදී අදහස් ප්‍රවර්ධනය කරන ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙසත්, විකෘති කරුණු මත පදනම්ව ශ්‍රී ලංකාව කෙරෙහි දක්වන අනවශ්‍ය අවධානය නතර කරන ලෙසත් ශ්‍රී ලංකාව, කැනඩාව සහ එහි නායකයින්ගෙන් ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
1
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?