ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස්ට කැඳවීමක්

කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයන් සම්බන්ධයෙන් විමසීමට විදේශ කටයුතු අමාත්‍යංශය විසින් මෙරට කැනේඩියානු මහ කොමසාරිස්වරයා කැඳවා තිබෙනවා.

කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා විසින් ප්‍රකාශ කරන ලදැයි කියන ‘ශ්‍රී ලංකාවේ ජන සංහාරය’ සම්බන්ධයෙන් විරෝධතාව දැක්වීම සඳහා විදේශ අමාත්‍යවරයා විසින් මෙලෙස මහ කොමසාරිස්වරයා කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ විසින් පසුගියදා කරන ලද ප්‍රකාශය ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

නිවේදනයක් නිකුත් කරමින් විදේශ අමාත්‍යාංශය කියා සිටියේ කැනේඩියානු අග්‍රාමාත්‍යවරයාගේ පදනම් විරහිත චෝදනා ශ්‍රී ලංකාව දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බවයි.

ජාතියක නායකයෙකුගේ මෙවැනි වගකීම් විරහිත ප්‍රකාශයන් සාමය සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම වෙනුවට කැනඩාව සහ ශ්‍රී ලංකාව තුළ අසමගිය සහ වෛරය ඇති කරන බවයි අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

වෛරය, සාවද්‍ය තොරතුරු සහ අන්තවාදී අදහස් ප්‍රවර්ධනය කරන ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙසත්, විකෘති කරුණු මත පදනම්ව ශ්‍රී ලංකාව කෙරෙහි දක්වන අනවශ්‍ය අවධානය නතර කරන ලෙසත් ශ්‍රී ලංකාව, කැනඩාව සහ එහි නායකයින්ගෙන් ඉල්ලා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32