ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස්වරයා සහ කතානායක අතර හමුවක්

ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් එරික් වොල්ෂ් මහතා පසුගිය 02 වැනිදා පාර්ලිමේන්තුවේ දී කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමු වුණා.

පාර්ලිමේන්තු සන්නිවේදන අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, මේ අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද සහභාගී වූ බවයි.

පසුගිය දිනවල පැවති මැතිවරණයෙන් ලැබූ ජයග්‍රහණය වෙනුවෙන් කැනඩා අග්‍රාමාත්‍යවරයාට කතානායක සිය සුබ පැතුම් එක් කළා.

එසේම කැනඩා ජනතාවට ද උණුසුම් සුබ පැතුම් පළ කතානායකවරයා දශක හයකට අධික කාලයක් මුළුල්ලේ කැනඩාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන හා මිත්‍රශීලී සබඳතා පිළිබඳව මෙහිදී සිහිපත් කළා.

එමෙන්ම කතානායකවරයා ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු වෙනුවෙන් කැනඩාව ලබාදෙන අඛණ්ඩ සහයෝගය පිළිබඳ ව සිය කෘතඥතාව පළ
කළ බවත් වාර්තා වනවා.

මහවැලි ව්‍යාපෘතිය, තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපනය, බිම්බෝම්බ ඉවත් කිරීම සහ සාමය ගොඩනැගීම වෙනුවෙන් මුලපිරීම් වැනි ප්‍රධාන අංශ
සඳහා කැනඩාවේ දායකත්වය පිළිබඳව කතානායකවරයා සිහිපත් කළා.

ශ්‍රී ලංකාවේ මෑත කාලීන ආර්ථික අර්බුදය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ගත් උත්සාහයන්හි දී කැනඩාව ලබාදුන් සහයෝගය සඳහා ද
කතානායකවරයා සිය ස්තුතිය පළකර සිටියා.

කැනඩාවේ පාර්ලිමේන්තුව තුළ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති කැනේඩියානුවන්ගේ නියෝජනය වැඩි වීම පිළිබඳව කතානායකවරයා සිය ප්‍රසාදය පළ කළ අතර, එය කැනඩාවේ සියලු පාර්ශ්ව ඇතුළත් බහු සංස්කෘතික සමාජයේ පිළිබිඹුවක් බව ද වැඩිදුරටත් අදහස් දක්වමින්
කතානායකවරයා පැවසුවා.

ජාතික සමගිය ප්‍රවර්ධනය කිරීම, වාර්ගික හෝ ආගමික බෙදීම් ඉස්මතු කරන්නාවු පිරිස්වලට එරෙහිව දැඩි පියවර ගැනීම සහ ශක්තිමත් දූෂණ විරෝධී යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම ද ඔහු අවධාරණය කළා.

බිම් බෝම්බ ඉවත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ වැඩපිළිවෙල, සංහිඳියාව සහ විනිවිදභාවය ප්‍රවර්ධනය කිරීම සඳහා ගෙන ඇති මුලපිරීම්
සම්බන්ධව ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස්වරයා සිය ප්‍රසංශාව පළකර සිටියා.

මෙහිදී අදහස් දක්වමින් කතානායකවරයා, දෙරටේ ව්‍යවස්ථාදායකයන් අතර සබඳතා වර්ධනය කිරීම සහ අන්‍යෝන්‍ය අවබෝධය වැඩි දියුණු කිරීම අරමුණු කරගත් ශ්‍රී ලංකා – කැනඩා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය දසවැනි පාර්ලිමේන්තුව සඳහා ස්ථාපිත කිරීමට අපේක්ෂා කරන බව ද පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29