ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල තානාපතිවරයා කථානායක හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල තානාපතිවරයා ලෙස කටයුතු කරන රැවෙන් ජේවියර් අසාර් (Reuven Javier Azar) මහතා පසුගියදා (21) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමු වුණා.

කථානායකවරයාගේ පත්වීම පිළිබඳව සුබ පැතුම් එක්කළ තානාපති අසාර් මහතා ඊශ්‍රායල කථානායකවරයාගේ ද උණුසුම් සුබ පැතුම් මෙහිදී පළ කළා.

සංචාරක, කෘෂිකර්ම, විද්‍යා, ඩිජිටල් තාක්‍ෂණය, වෙළඳාම සහ ආයෝජන සහ වෛද්‍ය ක්ෂේත්‍ර ඇතුළු ප්‍රධාන අංශවල ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර
සහයෝගීතාව පුළුල් කිරීම කෙරෙහි මෙහිදී අවධානය යොමු වූ බවයි වාර්තා වන්නේ.

දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා, ශ්‍රී ලංකා – ඊශ්‍රායල පාර්ලිමේන්තු මිත්‍රත්ව සංසදය දසවැනි පාර්ලිමේන්තුව සඳහා පිහිටුවීමේ වැදගත්කම ද තානාපතිවරයා අවධාරණය කළා.

මෙම සුහද සාකච්ඡාවේ දී බෞද්ධ දර්ශනය පිළිබඳව සිය අදහස් ප්‍රකාශ කළ කථානායක වෛද්‍ය වික්‍රමරත්න මහතා, එහි ඉගැන්වීම් ලෝක සාමය සහ සහජීවනය පෝෂණය කිරීම සඳහා වැදගත් සර්ව කාලීන දහමක් බවත් පැවසුවා.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහ ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල කොන්සල් දිනේෂ් රොද්‍රිගෝ මහතා ද සහභාගී වුණා.

Israel Ambassador 20250521 1
Israel Ambassador 20250521 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34