ශ්‍රී ලංකාවේ ඇස්බැස්ටෝස් භාවිතය පිළිබඳ පරීක්ෂණය එළි දකී

ශ්‍රී ලංකාවේ ඇස්බැස්ටෝස් භාවිතය පිළිබඳ පර්යේෂණ හතරක් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත්ගේ ප්‍රධානත්වයෙන් එළි දැක්වීම නිපුණතා පියසේ දී සිදු වුණා.

ශ්‍රී ලංකාවේ ඇස්බැස්ටෝස් භාවිතය පිළිබඳව පර්යේෂණ හතරක් එළි දැක්වීම නිපුණතා පියසේ දී සිදු විය. ඒ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙනි. රුසියානු ජනරජය ඒ සඳහා මුල්‍ය ආධාර සපයා තිබූ අතර කොළඹ සහ පේරාදෙණිය විශ්වවිද්‍යාල, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය, ජාතික මූලික අධ්‍යාපන ආයතනය එක් ව පර්යේෂණ සිදු කර ඇත.

එම පර්යේෂණයන්හි අවසන් වාර්තා හතරට අමතරව රුසියානු සහ ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම් සකස් කළ ක්‍රියාකාරි වාර්තාවේ අවසන් වාර්තාව ද අමාත්‍යවරයාට බාරදීම මෙහිදී සිදු විය.

මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් එම්. එන්. රණසිංහ මහතා ඇතුළු පිරිසක් එක් විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?