AFC Banner
AFC Banner
Empty Ad

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය වෙනුවෙන් කැපවෙනවා – ඉන්දීය විදේශ ඇමති

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය වෙනුවෙන් කැපවී කටයුතු කරන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්.ජයශංකර් පවසනවා.

ඕමානයේ මස්කට් නුවර දී මෙරට විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් හමු වූ අවස්ථාවේ දී ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.

ඕමානයේ පැවැත්වෙන, අට වැනි ඉන්දීය සාගර සමුළුව අතරතුරයි විදෙස් අමාත්‍යවරුන් දෙදෙනාගේ මෙම හමුව සිදුව ඇත්තේ.

එහිදී දෙරට අතර ඵලදායී අන්තර් ක්‍රියාවන් මෙන්ම පුළුල් සහයෝගීතාව සම්බන්ධයෙන් සමාලෝචනය කළ බවයි ඉන්දීය විදේශ අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

මේ අතර මෙම සමුළුව අතරතුර ඉන්දීය විදේශ අමාත්‍යවරයා, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද හමු වී සාකච්ඡා පවත්වා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?