ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර‍යි – ලෝක බැංකුවෙන් සහතිකයක්

ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වනවිට ස්ථාවර වී ඇති බව ලෝක බැංකුව නිවේදනය කරනවා.

ඔවුන් පවසන්නේ ආර්ථික ස්ථායිකරණයක පැවතිය යුතු ලක්ෂණ ක්‍රම ක්‍රමයෙන් ශ්‍රී ලංකාව මේ වනවිට අත්පත් කරගනිමින් සිටින බවයි.

මෙම වසරේ දී ආර්ථික වර්ධනය 4.4% දක්වා වර්ධනය වනු ඇති බවට ලෝක බැංකුව අපේක්ෂා කරනවා.

එය පෙර කළ පුරෝකථනයන් අබිබවා යාමක් බවයි ලෝක බැංකුව නිවේදනය කර ඇත්තේ.

කර්මාන්ත හා සංචාරක අංශ මගින් රටේ ආර්ථිකය කෙරෙහි දැක්වූ දායකත්වය මුල් කරගත් කාර්තු 04ක් පුරා සිදු වී ඇති ආර්ථීකයේ අඛණ්ඩ වර්ධනය මෙන් ම, තීරණාත්මක ව්‍යුහාත්මක සහ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ මත මෙකී ධනාත්මක ප්‍රවර්ධනය සිදු වී තිබෙන බව ලෝක බැංකුව සඳහන් කරනවා.

අද නිකුත් කරන ලද ලෝක බැංකුවේ අර්ධ – වාර්ෂික ශ්‍රී ලංකා සංවර්ධන ඇගයුම (Sri Lanka Development Update), අනාගතය සඳහා විවෘත කිරීම (Opening up to the Future) යන වාර්තාව මගිනුයි මේ බව අවධාරණය කර ඇත්තේ.

රටෙහි අවදානමට ලක්විය හැකි සීමාවක පවතින සාර්ව ආර්ථික ස්ථායිකරණය පවත්වා ගැනීම රඳා පවතින්නේ සාර්ථක ණය ප්‍රතිව්‍යුහගත කිරීම, මධ්‍ය කාලීන ආර්ථික වර්ධනය වැඩි කිරීම සහ දුප්පත්ත්කම අඩු කිරීම සඳහා ක්‍රියාත්මක කරන අඛණ්ඩ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ මත බව ලෝක බැංකුව පෙන්වා දී තිබෙනවා.

ලෝක බැංකුවේ කලාපීය අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලන් අවධාරණය කර ඇත්තේ 2023 දී කාර්තු 04ක ආර්ථික වර්ධනයකින් සහ ජංගම ගිණුමේ අතිරික්තයකින් සනිටුහන් වූ ශ්‍රී ලංකාවේ මෑතකාලීන ආර්ථික ස්ථායිකරණය සැලකිය යුතු සන්ධිස්ථානයක් අත්පත් කරගෙන ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
13
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34
Video thumbnail
දිල්කා සමන්මලීට කළ අපහාසයට හිරුණිකාගෙන් සැර ප්‍රකාශයක්..අවු:7 -10 සිර දඬුවම් විදින්න වෙනවා
08:18
Video thumbnail
බලශක්ති ඇමතිට අජිත් හොඳම එකෙන් දෙසයි..කුමාර විතරක් නෙවෙයි මේකට තව අය සම්බන්දයි
12:11
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04
Video thumbnail
රැදවුම් භාරයේ සිටින පිල්ලෙයාන් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ආ අයුරු
02:02
Video thumbnail
රාජපක්ෂ නාමය නැතුව විරුද්ධවාදීන්ට දේශපාලනය කරන්න අමාරුයි l Namal Rajapaksa
03:25