ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර‍යි – ලෝක බැංකුවෙන් සහතිකයක්

ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වනවිට ස්ථාවර වී ඇති බව ලෝක බැංකුව නිවේදනය කරනවා.

ඔවුන් පවසන්නේ ආර්ථික ස්ථායිකරණයක පැවතිය යුතු ලක්ෂණ ක්‍රම ක්‍රමයෙන් ශ්‍රී ලංකාව මේ වනවිට අත්පත් කරගනිමින් සිටින බවයි.

මෙම වසරේ දී ආර්ථික වර්ධනය 4.4% දක්වා වර්ධනය වනු ඇති බවට ලෝක බැංකුව අපේක්ෂා කරනවා.

එය පෙර කළ පුරෝකථනයන් අබිබවා යාමක් බවයි ලෝක බැංකුව නිවේදනය කර ඇත්තේ.

කර්මාන්ත හා සංචාරක අංශ මගින් රටේ ආර්ථිකය කෙරෙහි දැක්වූ දායකත්වය මුල් කරගත් කාර්තු 04ක් පුරා සිදු වී ඇති ආර්ථීකයේ අඛණ්ඩ වර්ධනය මෙන් ම, තීරණාත්මක ව්‍යුහාත්මක සහ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ මත මෙකී ධනාත්මක ප්‍රවර්ධනය සිදු වී තිබෙන බව ලෝක බැංකුව සඳහන් කරනවා.

අද නිකුත් කරන ලද ලෝක බැංකුවේ අර්ධ – වාර්ෂික ශ්‍රී ලංකා සංවර්ධන ඇගයුම (Sri Lanka Development Update), අනාගතය සඳහා විවෘත කිරීම (Opening up to the Future) යන වාර්තාව මගිනුයි මේ බව අවධාරණය කර ඇත්තේ.

රටෙහි අවදානමට ලක්විය හැකි සීමාවක පවතින සාර්ව ආර්ථික ස්ථායිකරණය පවත්වා ගැනීම රඳා පවතින්නේ සාර්ථක ණය ප්‍රතිව්‍යුහගත කිරීම, මධ්‍ය කාලීන ආර්ථික වර්ධනය වැඩි කිරීම සහ දුප්පත්ත්කම අඩු කිරීම සඳහා ක්‍රියාත්මක කරන අඛණ්ඩ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ මත බව ලෝක බැංකුව පෙන්වා දී තිබෙනවා.

ලෝක බැංකුවේ කලාපීය අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලන් අවධාරණය කර ඇත්තේ 2023 දී කාර්තු 04ක ආර්ථික වර්ධනයකින් සහ ජංගම ගිණුමේ අතිරික්තයකින් සනිටුහන් වූ ශ්‍රී ලංකාවේ මෑතකාලීන ආර්ථික ස්ථායිකරණය සැලකිය යුතු සන්ධිස්ථානයක් අත්පත් කරගෙන ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
13
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිරිබත්ගොඩ ගින්නෙන් පසු නවතම තත්ත්වය
01:21
Video thumbnail
මහජන නැගිටීමක් නැත්තම් 3% හිටිය අපි කවදාවත් බලයට එන්නේ නෑ
17:01
Video thumbnail
යතුරුපැදියක් මෝටර් රථයක ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:05
Video thumbnail
අස්වැසුම ගන්න ආ මිනිස්සු දැඩි අසීරුතාවක
01:11
Video thumbnail
ගී කෝකිලාවියට සමුදෙන්න දේශපාලන ප්‍රබලයෙකුත් එයි.."එතුමිය වෙනුවෙන් මම අවු :18ක් කැපවුණා සර්"
01:47
Video thumbnail
දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව උණුසුම් වෙයි.."බොරු අයවැයට අපි විරුද්ධයි..විරුද්ධයි"
01:32
Video thumbnail
සජිත් එක්ක තිබුණු තරහට රනිල්, අනුරව ජනපති කළේ
04:53
Video thumbnail
ජොන්ස්ටන්ගේ පුතා ජොහාන් ප්‍රනාන්දු FCIDයට
00:50
Video thumbnail
ලතා වල්පොලගේ දේහයට ගෞරව දක්වන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් එයි..අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව මැද
04:54
Video thumbnail
විදේශ ආධාර කළමනාකරණයට විශේෂ කමිටුවක්..ආධාර වැඩි නිසා දැඩි ආරක්ෂාව එක්ක තව ගබඩා කාමරයක් ගත්තා
11:40


?