ශ්‍රී ලංකාවේ අදානි සුළං බල ව්‍යාපෘතියට එරෙහි වීම පිටුපස සැඟවුණු හස්තයක් ?

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන අදානි සමූහයේ බලශක්ති ව්‍යාපෘති සමාලෝචනය කිරීමට වත්මන් රජය තීරණය කර ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

southasiamonitor වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ පසුගියදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දියාවේ කළ සංචාරයේ දී මේ පිළිබඳ ව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමග ද සාකච්ඡා කර ඇති බවත් ඉදිරි අනාගතය සඳහා හවුකාරීත්වය ඇති කිරීමේ ඒකාබද්ධ ප්‍රකාශයක් මධ්‍යයේ මෙම තීන්දුව අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ගෙන ඇති බවයි.

මීට පෙර අදානි සමූහයේ මෙම බලශක්ති ව්‍යාපෘතියට පෙර රජයේ ජනපති වූ වික්‍රමසිංහයන් ඇතුළු පාලන තන්ත්‍රයේ අනුමැතිය ද හිමිවුණා.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක වන බලශක්ති සහයෝගීතා ව්‍යාපෘතිය කාලෝචිත ලෙස ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද ඒකාබද්ධ ප්‍රකාශය මගින් අවධාරණය කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය උපුටනයන් දක්වමින් වාර්තා කර ඇත්තේ.

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් බංකොලොත් වූ පසුව අදානි මෙරට තුළ සිදු කළ පළමු විදේශ ආයෝජනය ද මෙය වනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන පරිදි ශ්‍රී ලංකාවට ආර්ථික අවපාතයක් තුළ දී යළි නැගී සිටීමට අතහිත දී ඇත්තේ ද ඉන්දියාව යි.

පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් ශ්‍රී ලංකාවේ මුළු බලශක්තියෙන් සියයට 70ක් ජනනය කිරීමේ අභිලාෂකාමී ඉලක්කය සහ අඩු කාබන් සංයුතියක් තුළ නව රාජ්‍යයක අනාගතයක් සඳහා යන දැක්මක් යටතේ, 2023 ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ මන්නාරම සහ පූනරින් හි ඩොලර් මිලියන 422 ක ව්‍යාපෘතියක් අනුමත කෙරුණා.

යෝජිත ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ විශාලතම හරිත බලශක්ති ව්‍යාපෘතිවලින් එකක් වන අතර; එය මෙගාවොට් 484 ක විදුලි ධාරිතාවක් ජනනය කිරීමට අපේක්ෂා කෙරෙනවා.

කෙසේවෙතත් පසුව ශ්‍රී ලංකාවේ ඇතැම් පාර්ශ්ව විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරමින් සඳහන් කළේ අදාළ ව්‍යාපෘතිය මගින් රටට පාරිසරික මෙන් ම දැවැන්ත මූල්‍යමය පාඩුවක් සිදු වන බවටයි.

නමුත් ඉන්දීය මාධ්‍ය ප්‍රශ්න කර සිටින්නේ අදානි ශ්‍රී ලංකාව තුළ සිදු කිරීමට බලාපොරොත්තු වන මෙම ව්‍යාපෘතිය කිසියම් හස්තයක් මගින් නවතාලීමට කුමන හෝ උත්සහායක නිරත වන්නේ ද යන්නයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට අහන්න තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ තියෙන සල්ලි ගේන්නේ නැද්දෝ ? l Mujibur Rahman
02:30
Video thumbnail
සූගීෂ්වර ඇතුළු සෙට් එකට දුන් අසූචි ප්‍රහාරය ගැන මුජිබුර්ට යකා නගියි..මීට වඩා දරදඬු වෙන්න පුළුවන්
02:51
Video thumbnail
අපේ එකාව බේරගන්න ගියොත් විහිළු කාරයෝ වෙනවා..පිටුපස නිල් කොළ දේශපාලන හැකර්ලා ඉන්නවා ?
03:49
Video thumbnail
මුදල් ලේකම් පත් කිරීමම වැරදියි..මේක දේශපාලන පත්වීමක් - විපක්ෂයේ ඉන්නකොට මෙහෙම නෙවෙයි කිව්වේ
07:02
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:18:22
Video thumbnail
හොරාගෙන් පේන අහන වැඩක් - නලින්දගේ ප්‍රකාශයට මුජිබුර්ගෙන් සැර කතාවක්
05:25
Video thumbnail
වෙනත් ගිණුමකට බැරවුණු මුදල ගැන විපක්ෂය දැනගෙන මුනිවත රැක්කද ?.මුජිබුර් පිළිතුරු දෙයි
02:48
Video thumbnail
ඇයි ජනපති මේක පාර්ලිමේන්තුවෙන් වසන් කළේ ? බරපතළ ව්‍යවස්ථා උල්ලංඝනය කිරීමක්
02:44
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව ආණ්ඩුව යට ගහනවා..පැහැදිලිවම වෙන ගිණුමකට දාලා l Mujibur Rahman
03:48
Video thumbnail
මම පාවා දෙන්න පට්ට චරිතයක්..කපටිකම උපරිමයි..අතීතයේ ඩඩ්ලි කරපු වැඩ හිනාවෙවී කිව්ව හැටි
07:15