ශ්‍රී ලංකාවට සහාය දෙන්නැයි මන්ත්‍රීවරියන්ගේ සංසදය නවසීලන්ත ශ්‍රී ලාංකීය ප්‍රජාවගෙන් ඉල්ලයි

ශ්‍රී ලංකාව වර්තමානයේදී මුහුණදී සිටින ආර්ථික අර්බුදය පිටුදැකීම සදහා සිය දායකත්වය ලබා දෙන ලෙස ශ්‍රි ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකේය ප්‍රජාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

නවසීලන්තයේ අධ්‍යයන සංචාරයක යෙදී සිටින ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය සහ නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකීය ප්‍රජාව අතර හමුවක් ඕක්ලන්ඩ් හිදී පැවැත්වූ අවස්ථාවේදී යි මෙම ඉල්ලීම සිදු කෙරුණේ.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනි පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්‍දුපුල්ලේ මහත්මිය සඳහන් කළේ මව්බිම මේ මොහොතේ මුහුණ දී තිබෙන අසීරු තත්ත්වයෙන් මිදීම සඳහා සහයෝගය ලබා දෙන ලෙසයි.

සිය සංසදය විවිධ පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරියන්ගෙන් සමන්විත වුවද පොදු අරමුණු වෙනුවෙන් එක්ව පෙනී සිටින බව ද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබද අදහස් දැක්වූ සභාපතිනිය සඳහන් කළා.

නවසීලන්ත පාර්ලිමේන්තුව නියෝජනය කරන ශ්‍රී ලාංකික සම්භවයක් සහිත වනුෂි වෝල්ටර්ස් මහත්මිය ද මේ අවස්ථාවට එක්ව සිටි අතර මෙම චාරිකාව සඳහා නවසීලන්තය තෝරා ගැනීම පිළිබද ඇය සිය සතුට පළ කර තිබෙනවා.

විශේෂයෙන් කාන්තා දේශපාලන නියෝජනය සඳහා වඩාත් හිතකර ව්‍යුහයන් සහ අවකාශයන් සහිත පාර්ලිමේන්තු ක්‍රමයක් නවසීලන්තය තුළ පැවතීම සහ එරට කාන්තා දේශපාලන ක්‍රියාකාරිත්වය පිළිබඳ මනා අවබෝධයක් ලැබීම මගින් ශ්‍රී ලංකාව තුළ එම යහ භාවිතයන් ස්ථාපිත කිරීමට මෙරට මන්ත්‍රීවරියන්ට හැකිවනු ඇති බවයි වෝල්ටර්ස් මහත්මිය සදහන් කළේ.

නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව අමතමින් අදහස් පළ කළ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ඉල්ලා සිටියේ මේ අවස්ථාවේ ලොව පුරා වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ සහය මව්රටට අවශ්‍ය බැවින් ඒ සදහා කිසියම් හෝ දායකත්වයක් සපයන ලෙසයි.

වැඩි වැඩියෙන් ශ්‍රී ලංකාව තුළ ආයෝජනයන් කිරීමට දායක වන ලෙසට මන්ත්‍රීවරියන්ගේ සංසදයේ උප සභාපතිනි පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝහිණි විජේරත්න මහත්මිය අදහස් දක්වමින් ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය වෙනුවෙන් මෙම අධ්‍යයන සංචාරය ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) පූර්ණ අනුග්‍රහය සහිතව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනය (NDI) විසින් සංවිධානය කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56