ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීම වෙනුවෙන් සුපිරි 6 දෙනාගේ වටයේ නෙදර්ලන්තය සමග අද පැවති තරගය ලකුණු 21 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

බුලවායෝහිදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 47යි පන්දු 4ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 213 ක් ලබා ගත්තා.

ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කිරීමට ඉහළ දායකත්වයක් ලබාදුන් ධනංජය ද සිල්වා ලකුණු 93ක් ලබා ගත්තේ තම 10 වන එක්දින අර්ධ ශතකය ද වාර්තා කරමින්. හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් ද ඊට ඇතුළත්.

එමෙන්ම ඔහු එක්දින ක්‍රිකට් පිටියේ ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ද අද වාර්තා කළා. මීට පෙර ඔහු එක්දින තරගයකදී ලබා තිබූ වැඩිම ලකුණු සංඛ්‍යාව වූයේ 91ක්.

ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක කිසිදු ලකුණක් නොලබා දැවී ගියා. සධීර සමරවික්‍රම එක් ලකුණක් සහ චරිත් අසලංක ලකුණු දෙකක් ලබා ගත්තා.

නායක දසුන් ශානක ලකුණු 5යි. කුසල් මෙන්ඩිස් ලකුණු 10ක් සහ වනිඳු හසරංග ලකුණු 20ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී Logan van Beek සහ Bas de Leede කඩුලු 3ක් බැගින් බිඳ හෙලුවා. Saqib Zulfiqar කඩුලු 2යි.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි නෙදර්ලන්ත පිතිකරුවන්ට පන්දුවාර 40ක් අවසානයේ සියලුදෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 192ක් පමණයි.

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ Scott Edwards නොදැවී ලකුණු 67ක් ලබා ගත්තා. ඒ හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමගින්.

Wesley Barresi ලකුණු 52යි. Bas de Leede ලකුණු 41ක් රැස් කළා.

මහීෂ් තීක්ෂණ කඩුලු 3ක් බිඳහෙලුවා. වනිඳු හසරංග කඩුලු 2යි. ලහිරු කුමාර, දිල්ෂාන් මදුෂංක සහ නායක දසුන් ශානක එක් කඩුල්ල බැගින් බිඳහෙළුවා. තරගයේ වීරයා සම්මානය ධනංජය ද සිල්වාට හිමිවුණා.

සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය ලබන ඉරිදා බුලවායෝහිදී පැවැත්වෙන්නේ සිම්බාබ්වේ කණ්ඩායම සමගයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
18
+1
1
+1
11
+1
2
+1
0
+1
6
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.20
01:01:04
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට දුන්න සුද්දය
01:08
Video thumbnail
උසාවියට රැගෙන ආ සලේ STF ආරක්ෂාව මැද යළි රැගෙන යන හැටි
01:37
Video thumbnail
වාහන ගෙන්වීමේදී ලොකු අක්‍රමිකතාවක් වෙලා..ආණ්ඩුව බැලුවේ සීමා කරන්න
05:18
Video thumbnail
ජංගිවල හිල් කිව්ව ප්‍රබලයට කතක් රිදෙන්නම දෙයි.."ඔයා වෙනුවෙන් Design කරලා දෙන්නම් Underwear ටිකක්"
01:51
Video thumbnail
පාලකයන්ට ෆැරලයිස්ද ? හැඟීම් දැනීම් දැනෙන්නේ නැද්ද ? - බිහිසුණු ඉරණමක් අත්වූ කතක් මාධ්‍යය දෙවනත් කරයි
10:31
Video thumbnail
ඇල්ලු ආයුධ ගැන ජනපති හැමෝම ඉස්සරහා කියයි - මොකක්ද ඔබේ යුනිෆෝම් එකේ ඇති වගකීම ?
02:17
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක්..කට්ටිය හිනා වෙවී වැඩ
01:31
Video thumbnail
මාස 06 කාලය තුල ඇල්ලු මත්ද්‍රව්‍ය ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්..ආගමික ස්ථාන දක්වා ව්‍යසනය පැතිරිලා
03:55
Video thumbnail
ඩොලරයේ අර්බුදයට ජනපතිගෙන් පිළිතුරු.."තියෙන තෙරපුව කෙටි කාලයක් පාලනය කර ගත යුතුයි"
02:31