ශ්‍රී ලංකාවට තීරණාත්මක දෙවන 20-20 තරගය අද

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ දෙවන තරග අද (30) පැවැත් වෙනවා.

දෙරට අතර පැවති පළමු තරගයේ ජය ගැනීමට සත්කාරක නවසීලන්ත කණ්ඩායමට හැකි වූ අතර, තරගාවලියේ ජයග්‍රහණය පිළිබඳව බලාපොරොත්තු තබා ගැනීමට නම් අද තරගය ජයගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමට අනිවාර්ය වනවා.

පළමු තරගය පැවැත් වූ මවුන්ට් මවුන්ගනුයි හි බේ ඕවල් ක්‍රීඩාංගණයේ දී අද තරගයත් පැවැත්වෙන අතර; මෙම තරගයේ දී කණ්ඩායම් දෙකම පළමු තරගය සඳහා ක්‍රීඩා කළ ක්‍රීඩකයින්ම එක්කර ගනු ඇති බවයි නවසීලන්තයෙන් තොරතුරු වාර්තා වන්නේ.

අද තරගය පැවැත්වෙන බේ ඕවල් ක්‍රීඩාංගණයේ දී මේ දක්වා 20-20 ජාත්‍යන්තර තරග 18ක් පවත්වා ඇති අතර, ඉන් තරග 12ක් ජයගෙන ඇත්තේ පළමුව පන්දුවට පහරදුන් කණ්ඩායමයි.

දෙවනුවට පන්දුවට පහරදුන් කණ්ඩායම ජයගෙන ඇත්තේ තරග 03ක් පමණක් බවයි බේ ඕවල් ක්‍රීඩාංගණයේ දත්ත වාර්තාවල දැක්වෙනේ.

බේ ඕවල් තණතීරුව පිතිකරුවන්ට හිතකර එකක් වන අතර, පළමු ඉනිමේ සාමාන්‍ය ලකුණු සංඛ්‍යාව 160 කට ආසන්න වී තිබෙනවා.

දෙරට අතර පැවති පළමු තරගය තියුණු සටනකින් පසු ලකුණු 08කින් ජය ගන්නට නවසීලන්ත කණ්ඩායමට පෙරේදා හැකියාව ලැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එක් වරක් නෙවෙයි දෙවරක් තෙවරක් පැරැද්දුවත් බලය NPP එකට..පළාත් පාලන ආයතනවලට ආණ්ඩුවෙන් සැලසුමක් ?
08:24
Video thumbnail
අර්චුනා අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ
00:46
Video thumbnail
කවදාවත් ලංකාව හදන්නත් බෑ..දුම්රිය සේවය හැදෙන්නෙත් නෑ..දුම්රිය ප්‍රමාදය නිසා ජනතාව කුපිතවෙයි?
04:30
Video thumbnail
අර්චුනා අත්අඩංගුවට..ඇරස්ට් කරලා ඉද්දි ෆෝන් පාවිච්චි කරන්න පුළුවන්ද?"හිඟා කන්නත් විදියක් තියෙනවනේ"
01:54
Video thumbnail
සෝමාවතී රජමහා විහාරාධිපතිගෙන් දැඩි ප්‍රකාශයක්.."මම කිව්වා පාර උස්සලා හදන්න කියලා..එයලා ඇහුවෙම නෑ"
07:43
Video thumbnail
ජනපති සමහරුන්ට නත්තල් තෑගි දුන්නා..බලය ගන්න..අනේ වසන්ත ලැජ්ජයි..නගරාධිපතිවරු ඉල්ලා අස්වෙන්න ඕනි
07:16
Video thumbnail
නිවැසියන් ඉවත් වූ නිවසකින් හමුවූ අළු වූ නාඳුණන සිරුර..මුහුණවත් හොයාගන්න බැරි විදියට පි#ස්සිලා
00:51
Video thumbnail
ඔබට තව පෝය දෙකයි..බොරු කියන ආණ්ඩුව පන්නන්න ජනතාව පෙළගැහෙනවා..චමින්ද විජේසිරි හොඳම එකෙන් කියයි
10:48
Video thumbnail
විනාශ වූ මහගිරිදඹ ප්‍රදේශයේ පඩිපෙළ යුධ හමුදාවෙන් ප්‍රතිසංස්කරණය කරන අයුරු..
02:08
Video thumbnail
පස් කන්ඳක් කඩා වැ#ම නිසා සැරයන්වරයෙක් දැඩි අපහසුතාවයට..ඔක්කොටම කිව්වා තාම කවුරුත් පියවර ගත්තේ නෑ
03:24


?