ශ්‍රී ලංකාවට තීරණාත්මක දෙවන 20-20 තරගය අද

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර තරග 03 කින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ දෙවන තරගය අද ධර්මශාලාහිදී ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියේ ජයග්‍රහණය ගැන බලාපොරොත්තු තබා ගැනීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායමට අද තරගය ජය ගැනීම අනිවාර්ය වනවා.

මේ අතර ආබාධයක් හේතුවෙන් විස්සයි විස්ස තරගාලියම අහිමි වී ගිය මහීෂ් තීක්ෂණ ද මෙරටට පිටත්කර එවීමට කටයුතු කර තිබෙනවා.

එසේම කුසල් මෙන්ඩිස්ගේ සහභාගීත්වය ද අද තරගයේ දී අවිනිශ්චිත බවයි ඉන්දියාවෙන් වාර්තා වන්නේ.

දෙරට අතර පැවති පළමු 20-20 තරගයේ ලකුණු 62 කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?