ශ්‍රී ලංකාවට ණය දීම ගැන චීනයේ ස්ථාවරය අද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට

ශ්‍රී ලංකාවේ මූල්‍යකරණය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා චීනයේ ස්ථාවරය ඇතුලත් ලිපිය අද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලබාදීමට නියමිත බවට වාර්තා වනවා.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා මුල්‍ය සහතිකය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත භාර දුන් පළමු රට බවට ඉන්දියාව පත් වූයේ පසුගිය සඳුදා ඔවුන් අදාළ දැනුම්දීම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට සිදු කරමින්.

2022 වසරේ දී ශ්‍රී ලංකාවේ දරුණු ආර්ථික තත්ත්වය මැඩපැවැත්වීම සඳහා ඩොලර් බිලියන 4.5 ක ආධාර ඉන්දියාව විසින් ලබා දෙනු ලැබුවා.

චීනය ඉරිදා IMF වෙත සිය ලිපිය භාරදීමට බලාපොරොත්තු වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර පසුගියදා ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වූ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර් කියා සිටියේ අවශ්‍ය අවස්ථාවක ඉන්දියාව තම අසල්වැසියා සමඟ සිටින බවත් අවශ්‍ය වුවහොත් අමතර සහාය ද ලබාදීමට සූදානම් බවයි.

තමාගේ ශ්‍රී ලංකා සංචාරය අගමැති නරේන්ද්‍ර මෝදිගේ අසල්වැසියාට පළමු තැන ලබාදීමේ ප්‍රතිපත්තියේ විදහා දැක්වීමක් බව අමාත්‍යවරයා සඳහන් කළා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා වෙත ලිපියක් යවමින් ඉන්දීය මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවේ දරාගත නොහැකි ණය තත්ත්වය, ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ණයහිමියන් සමඟ බැඳීම පිළිගෙන ඇති බවයි.

ශ්‍රී ලංකාවට මූල්‍ය සහ ණය සහන ලබා දීමට කැපවී සිටින බව ද ඉන්දියාව පැහැදිලි කර තිබෙනවා.

කල්පිරීම සහ පොලී අනුපාත අඩු කිරීම හෝ කළ හැකි වෙනත් ඕනෑම ක්‍රමවේදයක් හරහා මධ්‍යම හා දිගුකාලීන ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සම්බන්ධයෙන් පැරිස් සමාජය සමඟ ශ්‍රී ලංකා රජය සමඟ අඛණ්ඩව සාකච්ඡා කිරීමට කැපවී සිටින බවයි IMF වෙත සිය ලිපියෙන් ඉන්දියාව දන්වා ඇත්තේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රයත්නයන්ට සහය දක්වමින්, ඉදිරි සති කිහිපය තුළදී ණය සහන සහ මූල්‍ය කටයුතු අවසන් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ පැරිස් සමාජය සමඟ ගැඹුරින් සාකච්ඡා කිරීමට සූදානම් බව ද ඉන්දියාව දන්වා තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 2.9 ක ණයක් ලබාගැනීමයි ශ්‍රී ලංකාවේ අපේක්ෂාව වී ඇත්තේ.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය බලාපොරොත්තු වුව ද ගෝලීය ණය දෙන්නා සමඟ අවසන් ගිවිසුමකට එළැඹීමට එහි විශාලතම ද්විපාර්ශ්වික ණය දෙන්නන් වන චීනයේ සහ ඉන්දියාවේ සහාය අවශ්‍ය වනවා.

ඉන්දියාව දැනටමත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්මට තමන් දැඩි ලෙස සහාය දෙන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34