AFC Banner
AFC Banner
Empty Ad

ශ්‍රී ලංකාවට එවීමට සුදානම් කර තිබූ මත්පෙති තොගයක් ඉන්දියාවෙදී අත්අඩංගුවට

ශ්‍රී ලංකාවට එවීමට සුදානම් කර තිබූ මත් පෙති තොගයක් ඉන්දියාවේ රාමනාතපුරම් වෙරළ තිරයේදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත පෙති ලක්ෂ 6ක් ඒ අතර වන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

රාමනාතපුරම් වේදලායි ගම්මානය අසල වෙරළේ තිබූ බෝට්ටුවක මෙම මත්පෙති තොගය සඟවා තිබියදී සොයා ගැනුණා.

මේවා ශ්‍රී ලංකාවට එවීමට සැලසුම් කළ ජාවාරම්කරුවන් සොයා තමිල්නාඩු පොලිසියේ අපරාධ විමර්ශන ඒකකය මෙහෙයුම් ආරම්භ කර ඇති බව තමිල්නාඩු පොලිසිය සඳහන් කර තිබෙනවා.

එමෙන්ම මෙවැනි ජාවාරම් මැඩ පැවැත්වීම සඳහා අපරාධ විමර්ශන ඒකකය වෙරළබඩ ප්‍රදේශවල සිදුකරන සෝදිසි මෙහෙයුම් ද ඉහළ නංවා ඇති බවයි පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?