තුන්කොන් විස්සයි විස්ස තරගාවලියේ ශ්‍රී ලංකාව සමඟ පැවති තරගයෙන් කඩුලු 07ක පහසු ජයක් වාර්තා කිරීමට පාකිස්ථානය සමත් වුණා.
තරගයේ කාසිය වාසිය ජයගත් ශ්‍රී ලංකා නායකයා පළමුවෙන් පන්දුවට පහර දීම තෝරාගත් අතර ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ දියාරු පිතිකරණයෙන් රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 128ක් පමණයි.
එහිදී ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ජනිත් ලියනගේ පන්දු 38කට මුහුණ දෙමින් ලකුණු 41ක් රැස්කර ගත්තා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි පාකිස්ථානය පන්දුවාර 15යි පන්දු 03ක් පමණක් වැය කරමින් තරගය පහසුවෙන් ජයගනු ලැබුවා.
ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට පහර පිට පහර එක්ක කළ සහිබ්සාඩා ෆර්හාන් නොදිවී ලකුණු 85ක් රැස් කළේ පන්දු 48කට මුහුණදෙමින්.
දුෂ්මන්ත චමීර කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වුණා
ඒ අනුව පකිස්ථානය කඩුලු 07 ක ජයක් හිමිවුනා.





