spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

‘ශ්‍රී ලංකාභිමාන්‍ය’ සම්මානයෙන් කරූ පිදුම් ලබයි

එක්වරක් පමණක් පිරිනමන “ශ්‍රී ලංකාභිමාන්‍ය” දේශබන්දු කරූ ජයසූරියට පිරිනැමීම අද (03) සිදුකර සිදු කෙරුණා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම සම්මානය දේශබන්දු කරූ ජයසූරිය වෙත පිළිගන්වනු ලැබූ බවයි.

75 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් 2023 වර්ෂය සඳහා මෙම “ශ්‍රී ලංකාභිමාන්‍ය” කරූ ජයසූරියට පිරීනැමීමට කැබිනට් ඇනුමැතිය හිමි වුණා.

ඒ, සඳහා වන යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින්.

මෙම ගෞරවාභිධානය සමකාලීනව දැරිය හැක්කේ ශ්‍රී ලාංකිකයන් පස් දෙනෙකුට පමණක් වන අතර, එනම් එම සම්මානය ලබා සිටින පස් දෙනෙකු ජීවතුන් අතර සිටී නම් එම සම්මානය හයවෙන්නෙකුට ලබාදිය නොහැකියි

ඉහත සීමාව ඉක්මවා නොයන පරිදි පුද්ගලයෙකුගේ මරණයෙන් පසුව ද මෙම සම්මානය පිරිනැමීමට හැකියාව පවතිනවා.

අවසන් වරට 2017 වසරේ දී ශ්‍රී ලාංකේය සංගීත කලාව වෙනුවෙන් සිදුකරන ලද අනභිබවනීය මෙහෙවර උදෙසා ඩබ්.ඩී. අමරදේව ශූරීන් ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?