ශ්‍රී ලංකන් යානා වෙත ඉන්ධන සහ බිම් මෙහෙවර සේවා සැපයීමට සමාගම් 5කට කොන්ත්‍රාත්

ලන්ඩනයේ හීත්‍රෝ ගුවන්තොටුපලේදී සහ සිංගප්පූරුවේ චැන්ගි ගුවන්තොටුපොළේදී සීමාසහිත ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමේ ගුවන් යානා සඳහා ඉන්ධන සැපයීමේ කොන්ත්‍රාත් ජාත්‍යන්තර සමාගමකට ප්‍රදානය කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා.

ශ්‍රී ලංකා ගුවන් සේවා සමාගමේ ගුවන් යානා සඳහා ඉන්ධන සපයා ගැනීම වෙනුවෙන් සීමිත ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවා තිබුණා.

ඒ සඳහා ලංසු 3ක් බැගින් ලැබී ඇති බවටයි අමාත්‍ය මණ්ඩයට දැනුම් දී ඇත්තේ.

ඒ අනුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කරනු ලැබ ඇති පරිදි සාරානුකූලව ප්‍රතිචාර දක්වන ලද අවම මිල ගණන් ඉදිරිපත් කළ Shell Markets (Middle East) Limited සමාගම වෙත ඉහත ගුවන් තොටුපලවලදී ශ්‍රී ලංකන් ගුවන් යානා සඳහා ඉන්ධන ලබා ගැනීම සඳහා වන කොන්ත්‍රාත් පිරිනැමීමට වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කර තිබෙනවා.

මේ අතර සීමාසහිත Sri Lankan Airlines සඳහා බිම් මෙහෙවර සේවා සපයා ගැනීමේ (Ground Handling Services) සැපයීම සඳහා ජාත්‍යන්තර සමාගම් හතරකට කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා.

ඉන්දියාවේ දිල්ලි සහ ට්‍රිචි ජාත්‍යන්තර ගුවන්තොටුපළ, චීනයේ බීජිං ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ලිමිටඩ් සඳහා ගොඩබිම් හැසිරවීමේ සේවා සපයන්නන් තෝරා ගැනීම සඳහා සීමිත ජාත්‍යන්තර ලංසු කැඳවා තිබුණා.

ඒ අනුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කර ඇති පරිදි
Celebi Airport Services India Pvt. Ltd.
Bird Airport Services (Trichy) Pvt. Ltd.
Beijing Aviation Ground Services Company Limited
National Aviation Services W.L.L.
යන ලංසුකරුවන්ට එම කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීමට වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍යවරයා විසින් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාවාරම්කරුවෙක් පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"උදේනිට හයි කෝ⁣ට් එකක් දාලා දෙන්න"
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40