ශ්‍රීලනිපයේ ලේකම් ධුරයේ අර්බුදය පක්ෂය ආරම්භයේ සිටම පැවතියා – සරත් ඒකනායක

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් ධුරය පිළිබඳ අර්බුදය පක්ෂය ආරම්භයේ සිටම පවතින්නක් බව එම පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් සරත් ඒකනායක පවසනවා.

අද (19) මහනුවර ප්‍රදේශයේ දී මාධ්‍ය හමුවක් කැඳවමින් නියෝජ්‍ය මහලේකම්වරයා මේ බව සඳහන් කළා.

එහිදී ඔහු කියා සිටියේ 1951 වසරේ පක්ෂය ආරම්භ කළ අවස්ථාවේදී ම බර්නාඩ් අලුවිහාරේ, බදුර්දීන් මහමුද් සහ තංගරාජා යන තිදෙනාම සම ලේකම්වරු වශයෙන් පත්කිරිමට බණ්ඩාරනායක මහතාට සිදුවූ බවයි.

මේ අතර දයාසිරි ජයසේකර හිටපු ලේකම්වරයාට එල්ල වන චෝදනා පිළිබඳව එම චෝදනා පත්‍රය ඉදිරිපත් කිරිමෙන් පසු නිශ්චිතව දැනගැනීමට හැකිවනු ඇති බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය මහලේකම් සරත් ඒකනායක,

“හිටපු ලේකම්තුමා කියන විදියට ඔය ලක්ෂ ගණන් ඔට්ටු අල්ලපු කතා, පක්ෂය එක්සත් ජාතික පක්ෂයට පාවා දෙන කතා නිකම්ම කතා විතරයි. ඒ මහතාට දක්ෂ ලෙස කතා කරන්න පුළුවන්. සින්දු කියන්න පුළුවන් ඒක නම් අපි දන්නවා. රටේ පවතින තත්ත්වය අනුව කිසිම කෙනෙකුට,පක්ෂයකට තනි ගමනක් ගිහින් ආණ්ඩුවක් හදන්න බෑ කියන මතයේ තමයි මම ඉන්නේ. මම පක්ෂයේ මහලේකම් වුනොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති පිළිගන්න සියලුදෙනා එකතු කරගෙන අපේ ආණ්ඩුවක් පිහිටුවන්න කටයුතු කරනවා”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හානිය විශාලයි..නමුත් වැටිච්ච හැම වෙලාවකම අපි නැගිට්ටා..මාසයක් ඇතුළත අනෙකුත් සංවර්ධන කටයුතු කරනවා
06:39
Video thumbnail
අපිට කන්න වෙන්නේ මේ වැලි තමයි..ගොඩ ඒමක් ඇත්තෙම නෑ
00:20
Video thumbnail
වගාවන් සම්පූර්ණයෙන් විනාශවීම නිසා ගොවියන් දැඩි අපහසුතාවයට.."අපිට කන්න වෙන්නේ මේ වැලි තමයි.."
04:16
Video thumbnail
ආපදාවට ලක්වූ ජනතාවට රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් පරිත්‍යාගයක්
02:02
Video thumbnail
බාල බෙහෙත් සිද්ධිය ගැන සියල්ල හෙළිකරයි
07:03
Video thumbnail
අපි උපාධිය ගත්තේ මල් පෝච්චි හදන්න නෙමෙයි
01:23
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
00:39
Video thumbnail
ඇන්ටිජන් හොරා දිලීපයා නෙවෙයි Dr. අනිල් ජයන්ත?..විපක්ෂයේ උන් පලයන් ගමට..මුන්ට කොන්ද පණ නෑ..
04:08
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
01:03
Video thumbnail
බාල බෙහෙත් ගෙනාවේ ආණ්ඩුවෙන් ද..?
10:29


?