ශ්‍රීලනිපයේ ලේකම් ධුරයේ අර්බුදය පක්ෂය ආරම්භයේ සිටම පැවතියා – සරත් ඒකනායක

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් ධුරය පිළිබඳ අර්බුදය පක්ෂය ආරම්භයේ සිටම පවතින්නක් බව එම පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් සරත් ඒකනායක පවසනවා.

අද (19) මහනුවර ප්‍රදේශයේ දී මාධ්‍ය හමුවක් කැඳවමින් නියෝජ්‍ය මහලේකම්වරයා මේ බව සඳහන් කළා.

එහිදී ඔහු කියා සිටියේ 1951 වසරේ පක්ෂය ආරම්භ කළ අවස්ථාවේදී ම බර්නාඩ් අලුවිහාරේ, බදුර්දීන් මහමුද් සහ තංගරාජා යන තිදෙනාම සම ලේකම්වරු වශයෙන් පත්කිරිමට බණ්ඩාරනායක මහතාට සිදුවූ බවයි.

මේ අතර දයාසිරි ජයසේකර හිටපු ලේකම්වරයාට එල්ල වන චෝදනා පිළිබඳව එම චෝදනා පත්‍රය ඉදිරිපත් කිරිමෙන් පසු නිශ්චිතව දැනගැනීමට හැකිවනු ඇති බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය මහලේකම් සරත් ඒකනායක,

“හිටපු ලේකම්තුමා කියන විදියට ඔය ලක්ෂ ගණන් ඔට්ටු අල්ලපු කතා, පක්ෂය එක්සත් ජාතික පක්ෂයට පාවා දෙන කතා නිකම්ම කතා විතරයි. ඒ මහතාට දක්ෂ ලෙස කතා කරන්න පුළුවන්. සින්දු කියන්න පුළුවන් ඒක නම් අපි දන්නවා. රටේ පවතින තත්ත්වය අනුව කිසිම කෙනෙකුට,පක්ෂයකට තනි ගමනක් ගිහින් ආණ්ඩුවක් හදන්න බෑ කියන මතයේ තමයි මම ඉන්නේ. මම පක්ෂයේ මහලේකම් වුනොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති පිළිගන්න සියලුදෙනා එකතු කරගෙන අපේ ආණ්ඩුවක් පිහිටුවන්න කටයුතු කරනවා”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34