ශ්‍රි ලංකාව පරදා ඉන්දියාව නව වසරේ පලමු ජය වාර්තා කරයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර අද (03) පැවැත්වෙන පළමු විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය

ඒ අනුව දසුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දීය කණ්ඩායමට ලබාදීමටයි.

මුම්බායි වංකඩේ ක්‍රිඩාංගණයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම සිය පන්දු වාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 162ක් ලබා ගත්තා

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් Ishan Kishan ලකුණු 37 ක් ලබා ගත්තේ හයේ පහර 2ක් සහ හතරේ පහර 3ක් සමගින්, Hardik Pandya නායකත්වය ඉනිමක් ක්‍රිඩාකරමින් ලකුණු 29ක් ලබා ගත්තේ හතරේ පහර 4ක් සමගින්,

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු යැවිමේදී පන්දු වාර 4 ක් යවා Maheesh Theekshana ලකුණු 29ට කඩුලු 1ක් ද, Wanindu Hasaranga සිය පන්දුවාර 4 අවසාන කලේ ලකුණු 22ට එක් කඩුල්ලක් ලබා ගනිමින්.

උණුසුම් අවසානයක් කරා රැගෙන ගිය මෙම තරගයේ අවසන් පන්දුවේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු හතරක් ලබා ගැනීමට නියමිතව තිබූ අතර පන්දුවට පහර දුන් චාමික කරුණාරත්න ට ලබා ගත හැකි වූයේ එක් ලකුණක් පමණයි.

ඒ අනුව ලකුණු 163 ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 160ක් ලබා ගත්තා. ඒ අනුව ශ්‍රි ලංකාව පරදා ඉන්දියාව ලකුණු 2ක තියුණු ජයක් වාර්තා කිරිමට සමත් විය.

නායකත්වයේ ඉනිමක් ක්‍රිඩාකල දසුන් ශානක 45ක් ලබා ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?