AFC Banner
Empty Ad
Empty Ad

ශකීබ් ඩැහැගත් මාලිංගගේ විස්සයි විස්ස පිටියේ වාර්තාව

ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ඨතම වේග පන්දු යවන්නෙකු වන ලසිත් මාලිංග සතුව තිබූ ලෝක වාර්තාවක් තමන් සතුකරගන්නට බංගලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන් ඊයේ සමත් වුණා.

ඒ මෙතෙක් මාලිංගගේ නම ඉදිරියේ සටහන්ව තිබූ විස්සයි විස්ස වැඩිම කඩුලු ලාභියාගේ ඔටුන්න තමන් සතුකර ගනිමින්.

20-20 ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශ කණ්ඩායම සහ ස්කොට්ලන්තය අතර ඊයේ පැවති පළමු වටයේ තරගයේදීයි ශකීබ් මෙම වාර්තාව තමන් සතුකර ගත්තේ.

මෙම තරගයේ දී ශකීබ් ලකුණු 17කට කඩුලු 02ක් බිඳ හෙළීමට සමත් වූ අතර ඒ අනුව මේ වනවිට ඔහු විස්සයි විස්ස පිටියේ බිඳ දමා ඇති කඩුලු සංඛ්‍යාව 108ක්.

ලසිත් මාලිංග තරග 84කට ක්‍රීඩාකරමින් විස්සයි විස්ස පිටියේ කඩුලු 107ක් බිඳ දමා ඇති අතර ශකීබ් අල් හසන්ට මෙම වාර්තාව තමන් සතු කර ගැනීමට ක්‍රීඩා කිරීමට සිදුවූ තරග සංඛ්‍යාව 89ක්.

මේ වන විට විස්සයි විස්ස පිටියේ හොඳම පන්දු යැවීම ඉන්දියාවේ දීපක් චාහර්ගේ නම ඉදිරියේ සටහන්ව ඇති අතර ඔහු එම දක්ෂතාව දක්වා ඇත්තේ  බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පන්දුවාර 03යි පන්දු 02ක් යවා ලකුණු 07කට කඩුලු 06ක් බිඳ දමමින්.

මේ අතර 20-20 ලෝක කුසලාන තරගාවලියේ ඊයේ රාත්‍රියේ පැවති පළමු වටයේ තරගයෙන් බංග්ලාදේශ කණ්ඩායම පරදවා ලකුණු 06ක තියුණු ජයක් ලැබීමට ස්කොට්ලන්තය සමත් වුණා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?