වෛද්‍යවරුන් ගෙන් හදිස්සි ඉල්ලීමක් – කොවිඩ් පාලනය අපහසුයි

නිවෙස්වල රැඳීසිටින විවිධ රෝගාබාධවලින් පෙළෙන පුද්ගලයින් කිසියම් අපහසුතාවක් පවතින්නේ නම් රෝහලක් කරා යොමුවීමට පියවර ගත යුතු බව කොළඹ ජාතික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය හර්ෂ සතිශ්චන්ද්‍ර මහතා පවසයි.

කොවිඩ් වෛරසයට ඇති බිය හේතුවෙන් ඇතැමුන් රෝහල්ගතවීමට යම් මැලිකමක් දක්වන බව ඔහු සඳහන් කළේය. කෙසේවෙතත් හෘදයාබාධ වැනි අසාධ්‍ය රෝගී තත්ත්වයකදී කඩිනමින් රෝහලක් කරා යොමු නොවුණහොත් අවාසනාවන්ත ඉරණමකට මුහුණදීමට සිදුවනු ඇති බව විශේෂඥ වෛද්‍ය හර්ෂ සතිශ්චන්ද්‍ර මහතා කියා සිටියේය. ‍

රෝහල්වල කොවිඩ් රෝග ප්‍රතිකාර ඒකක වෙන්ව පැවතීම හේතුවෙන් ඒ පිළිබඳ අනිසි බියක් ඇති කරගතයුතු නොවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
26
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?