වෛද්‍ය හා ඉංජිනේරු සිසුන් ලංකාවේ සල්ලි වලින් ඉගෙන ගෙන පිටරට යන එක වැරදි

වෛද්‍ය සහ ඉංජිනේරු සිසුන් ලංකාවේ මුදලින් ඉගෙන ගෙන පිට රට යාම ගැන පාර්ලිමේන්තුවේ දී එකතු වී සාකච්ඡා කොට යම් පිළිතුරක් සෙවිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

වෛද්‍ය සිසුවෙක් වෙනුවෙන් ශ්‍රි ලංකා ආණ්ඩුව ලක්ෂ හැටක පමණ මුදලක් වියදම් කරන බවත් එසේ වියදම් කරන්නේ ලංකාවට සේවය කරන්න මිසක් පිටරට වැඩ කිරීමට නොවන බව ජනාධිපතිවරයා පැවසුවා.

මොන ආණ්ඩුව ආවත් මේ ප්‍රශ්නය තිබෙන බවත් මෙි ප්‍රශ්නයට පිළිතුරක් සෙවිය යුතු බවත් ජනාධිපති සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !